ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි.ඔහු පවසන්නේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම උණ රෝගයක් පවතින්නේනම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කරයි.මේ අතර මෙරට රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඖෂධ වර්ග 180ක් හිඟ බවට පැවසුව ද සත්‍ය වශයෙන් රෝහල්වල හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවයි.

කාලීන පුවත්