තවදුරටත් ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින්න

ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ සුළං වේගය පැ.කි.මී. (50-60) පමණ වන අතර විටින් විට හමන පැ.කි.මී. 70ක සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ වල තවදුරටත් ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැකි හැකියි.

ත්‍රිකුණාමලය සිට, කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතියි.

කාලීන පුවත්