තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් විශේෂ දැනුම්දීමක්

”Lanka Government Cloud” සේවාව බිඳ වැටීම හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා වළක්වා ගැනීම සඳහා විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එහි ඩිජිටල් ආර්ථික උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ තම උප්පැන්න සහතිකය මීට පෙර දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගැනීමට හැකියාව තිබූ බවයි. කෙසේ වෙතත් දැනට උප්පැන්න සහතිකය ලබාගැනීමට හැකිවන්නේ තමන් උපන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

”Lanka Government Cloud”සේවාවේ බිඳ වැටීම නිසා බලපෑමට ලක්ව ඇති රාජ්‍ය ආයතන වෙබ් අඩවි සංඛ්‍යාව 40කට වැඩි බවයි වාර්තා වෙයි. ඒ අතර රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව ආදී ආයතන ගණනාවක Online සේවාවන් ද වන බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතන සඳහන් කරයි.

කාලීන පුවත්