ඉන්දියාව පරාජය කර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ඊයේ (22) රාත්රියේ පැවති තරගයෙන් ලකුණු 76ක විශිෂ්ට ජයක් ලැබීමට දකුණු අප්රිකාව සමත් විය.
අහ්මදාබාද්හිදී පැවති මෙම තරගයේ දකුණු අප්රිකාවෙන් හිමිවූ ලකුණු 188ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට පන්දුවාර 18.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුනු 111ක් පමණි.
මෙම පරාජයත් සමග 2024 ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා විස්සයි20 ලෝක කුසලාන තරග 12ක් ජයගෙන වෙනත් කිසිදු කණ්ඩායමක් පිහිටුවා නොතිබූ වාර්තාවකට හිමිකම් කියා සිටි ඉන්දියාව එම අපරාජිත ගමනද නැවතුණි