දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ අද (28) අලුයම වන විට වැඩිම වර්ෂාපතනය වවුනියාව දිස්ත්‍රික්කයේ වෙඩිකුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එහි අගය මි.මී. 315ක් බවයි.එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ අලපිල්ලි ප්‍රදේශයෙන් මි.මී. 305ක අගයක් වාර්තා වී තිබේ.කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ තෙවන ඉහළම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරින් වාර්තා වී ඇති අතර එහි අගය මී.මී. 223.9ක් ලෙස සටහන් වී තිබෙන බවයි.
ඒ අනුව දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ, සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 200ට වැඩි ඉතා තද වැසි සහ ත්‍රිකුණාමලය, බදුල්ල, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැ.කි.මී. 60-70 දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට පැ.කි.මී. 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකියි.