දේශපාලනය යනු බලය ලබා ගැනීම, භාවිත කිරීම සහ බෙදා හැරීම සම්බන්ධ ක්‍රියාවලීන් සහ න්‍යායන් හා සම්බන්ධ පාර්ශවීය යාන්ත්රණයකි. නමුත් රාජ්‍ය පාලනය යනු රටක පාලනය සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන සහ ක්‍රියාත්මක කරන ව්‍යුහයන් හා සම්බන්ධ පොදු යාන්ත්‍රණය හෙවත් ක්රියාකාරීත්වයයි.
නමුත් වත්මන් ආණ්ඩුවේ බහුතරය තුළ දේශපාලනික වශයෙන් පවත්නා පාර්ශවීය දැනීම්, අවබෝධයන් හා අත්දැකීම් හැරුණු කොට, රාජ්‍ය පාලනය හා සම්බන්ධ මුහුකුරා ගිය අත්දැකීම් නොමැති බව සනාථ කෙරෙන සිදුවීම් එකිනෙක පෙළ ගැසෙමින් පවතින බව මේ වන විට මනාව නිරීක්ෂණය වෙමින් පවතී. මෙය සබුද්ධික සමාජයේ සූක්ෂම අවධානයට යොමු විය යුතු ඉතා බරපතල සමාජමය සංසිද්ධියකි.
පසුගිය දෙසැම්බර් 02 වන දා මහනුවරට ගිය විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට ඉහත සඳහන් සංසිද්ධිය හා සම්බන්ධ ඉතා වැදගත් සාක්ෂියක් හමුවී තිබේ. එනම්, නිල රැස්වීමක් අතරතුර මහනුවර මහ දිසාපතිවරයාගේ අසුනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අසුන් ගෙන හිඳිනු දැකීම ය. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මෙම සිදුවීම දැඩි ලෙස විවේචනය කරන රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජිනසිරි දඩල්ලගේ පවසා ඇත්තේ මෙය ‘නිර්ලජ්ජිත ක්‍රියාවක්’ බවකි.

දිසාපති කාර්යාලයේ කුඩා රැස්වීම් මේසය භාවිත කරන විට, දිසාපතිගේ පුටුව අනෙකුත් පුටුවලින් වර්ණයෙන් හා ප්‍රමාණයෙන් වෙනස් කර තිබෙන්නේ, කාමරයට පැමිණෙන ඕනෑම අයෙකුට පුටුවේ නිල අයිතිකරු හඳුනා ගැනීමට බව ඔහු එහි දී අවධාරණය කොට තිබේ.
“මෙතන සමාජවාදයක් හෝ කොමියුනිස්ට් වාදයක් හෝ සමානාත්මතාවාදයක් අදාළ නැත. මෙතන කුල බේදයක්, පංති බේදයක්ද නැත. බුද්ධියක්, සාමාන්‍ය දැනීමක් ඇති ඕනෑම කටුස්සෙක් මෙය තේරුම් ගත යුතුය. එලෙස තේරුම් ගෙන පුටුව හඳුනා ගත යුතු ය.”
යනුවෙන් පවසා ඇති ඔහු ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සහ එය දිවයින පුරා ව්‍යාප්ත නොවීමට වග බලා ගැනීම ප්‍රමාණවත් නොවන බව ද අවධාරණය කොට තිබේ. එවැනි අවස්ථාවකදී නිලධාරියෙකු ක්‍රියා කළ යුතු ආකාරය ඔහු එමඟින් විස්තර කොට තිබේ. ඒ රැස්වීමක් ආරම්භ කිරීමට පෙර තම පුටුව අල්ලාගෙන සිටින අයෙකු සිටී නම්, කොන්ද කෙලින් තබාගෙන “ඔය මහත්තයා කරුණාකර අර පුටුවට යන්න” කියා එම පුටුව හිස් කර ගැනීම දිසාපතිගේ වගකීමක් බව සඳහන් කරමිනි. එසේ කළත් පුටු පෙරේතයා ඉවත් කළ නොහැකි නම්, රැස්වීම යකාට ගියත් කාමරයෙන් පිටවීම සුබදායක බවද ඔහු පවසා තිබේ.
මෙවැනි ක්‍රියාමාර්ග මගින් සේවයේ ගරුත්වය ආරක්ෂා වන බවත්, කොඳු නාරටිය ශක්තිමත් කර ගැනීමට එවැනි ක්‍රියාමාර්ගවල ඉමහත් වටිනාකමක් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රධාන රැස්වීම් ශාලාවල පුටු සමාන වුවද, එහිදී දිසාපතිවරයා කවුරුන්ද යන්න සෙසු ප්‍රජාව හඳුනා ගන්නේ නිසි දිසාපති හැසිරීම්, හැකියා, කුසලතා හා සන්නිවේදන ශක්තීන් අනුව බවද ඔහු පවසයි. පරිපාලන සේවය නිර්මාණය කළ යුත්තේ එවැනි නිලධාරීන් බවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කළ ප්‍රකාශය ඉතා වැදගත් ය.
දේශපාලනික වශයෙන් ලකුණු රැස් කර ගත් නුසුදුසු පුද්ගලයන් තනතුරුවල සිටීම නිසා සේවා සැපයීමේ ගුණාත්මකභාවය අඩු වන අතර කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පහත වැටීම ද ඒකාන්තයෙන්ම සිදු වනු ඇත. ඒ හා සමඟ රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාව තුළ ඇති ගෞරවය හා විශ්වාසය හීන වී යයි. එමෙන්ම තීරණ ගැනීමේ ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් නොමැති වීම මත දේශීය හා විදේශීය ආයෝජන පවා අඩු විය හැකිය. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතනවලට පත්වීම්, උසස්වීම් සහ විනය පවත්වාගෙන යාම සඳහා නියම ස්වාධීනත්වයක් ලබා දීම, සියලුම රාජ්‍ය තීරණ සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යාම හා වෘත්තීයභාවය, කාර්ය සාධනය සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ පැහැදිලි සේවා නීති හා නිර්දේශපාලනික රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වනු ඇත.
ඉහත සිද්ධියේ දී පවා දක්නට ලැබුණු රාජ්‍ය පාලනය දේශපාලනීකරණය වීම, රාජ්‍ය සේවයේ සහ පරිපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී වෘත්තීයභාවය, මධ්‍යස්ථභාවය සහ කාර්යක්ෂමතාව වෙනුවට දේශපාලන පක්ෂපාතීත්වය, පෞද්ගලික සම්බන්ධතා සහ පටු දේශපාලන අරමුණු ප්රමුඛ වීමයි. රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු (ලේකම්වරු, අධ්යක්ෂවරු, ආයතන ප්‍රධානී ආදී) සඳහා සුදුසුකම් හා පළපුරුද්ද වෙනුවට පාලක පක්ෂයට හෝ දේශපාලනඥයන්ට සමීප පුද්ගලයන් පත් කිරීම මත ඔවුන් තුළ ළබැඳියාවන් අතර ගැටුමක් (Conflicting Interest ) නිර්මාණය වන බව නිරීක්ෂණය වනු ඇත. එමෙන්ම එවැනි දේශපාලන අතපෙවීම් නිසා දක්ෂ සහ අවංක නිලධාරීන් මඟහැරීම හෝ ඔවුන්ට උසස්වීම් අහිමිවීම ද රාජ්‍ය යාන්ත්‍රණය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන් ඉවහල් වන්නකි. එමෙන්ම මෙම තත්වය තුළ දීර්ඝකාලීන ජාතික අවශ්‍යතා හා විද්‍යාත්මක පදනම වෙනුවට කෙටිකාලීන දේශපාලන වාසි හෝ ඊළඟ මැතිවරණය ඉලක්ක කරගත් තීරණ ගැනීමේ හෙවත් “දේශපාලනමය විළි වසා ගැනීම්” සිදුවීමේ පහසු හැකියාවක් පවතී. එමෙන්ම අතීතයේ සිට නිරන්තරයෙන් සිදු වූ අයුරින්ම නැතහොත් ඊටත් වඩා රාජ්‍ය යාන්ත්‍රණය දේශපාලනික වීම මඟින් රාජ්‍ය නිලධාරීන්ට තම වෘත්තීය නිදහසට එරෙහිව දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වීම බහුලව සිදුවිය හැක. ඇතැම් නිලධාරීන් සිය කැමැත්තෙන්ම දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නන් බවට පත්වීම මත “කොන්ද කෙලින් තබා ගෙන වැඩ කරන” නිලධාරී පරපුරේ බලය අවප්‍රමාණ වීමක් ද සිදුවනු ඒකාන්තය.
දේශපාලනික වශයෙන් ලකුණු රැස් කර ගත් නුසුදුසු පුද්ගලයන් තනතුරුවල සිටීම නිසා සේවා සැපයීමේ ගුණාත්මකභාවය අඩු වන අතර කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය පහත වැටීම ද ඒකාන්තයෙන්ම සිදු වනු ඇත. ඒ හා සමඟ රාජ්‍ය සේවය පිළිබඳ මහජනතාව තුළ ඇති ගෞරවය හා විශ්වාසය හීන වී යයි. එමෙන්ම තීරණ ගැනීමේ ස්ථාවරත්වයක් හා විශ්වාසනීයත්වයක් නොමැති වීම මත දේශීය හා විදේශීය ආයෝජන පවා අඩු විය හැකිය. ඒ සඳහා රාජ්‍ය සේවා කොමිසම වැනි ආයතනවලට පත්වීම්, උසස්වීම් සහ විනය පවත්වාගෙන යාම සඳහා නියම ස්වාධීනත්වයක් ලබා දීම, සියලුම රාජ්‍ය තීරණ සහ ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ඉහළ විනිවිදභාවයක් පවත්වාගෙන යාම හා වෘත්තීයභාවය, කාර්ය සාධනය සහ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ පැහැදිලි සේවා නීති හා නිර්දේශපාලනික රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අතිශය වැදගත් වනු ඇත.
අප එසේ කියන්නේ එසේ නොවුණ හොත් දේශපාලනීකරණය යනු රටක පරිපාලනයේ අත්‍යවශ්‍ය අංගයක් වන නිලධරය (Bureaucracy) සහ රට පාලනය කරන දේශපාලන නායකත්වය (Political Leadership) අතර ඇති විය යුතු සමබරතාව බිඳවැටීමක් මඟින් බරපතල සමාජමය අස්ථාවර බවක් පැනනඟින බැවිනි.
රීටා ජෙනට් පෙරේරා