නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකික ද?


නාසා (NASA) ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකිකයන් බවත්, ඉන් 80%ක්ම සිංහලයන් බවත් මට අසන්නට ලැබුණි. ඒ කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක පාඨක සමාජය විසින් සංවිධානය කරන ලද සංවාදයකදීය. එය මට එක්තරා වටිනාකමකින් යුතු ප්‍රකාශයක් විය. ඒ අපේ සමාජය වෙළාගෙන ඇති එක්තරා ආකාරයක “ජාතිකවාදී මෝහයක්” (Delusion) පිළිබඳව නැවත සිතා බැලීමට මට අවස්ථාවක් උදා වූ බැවිනි.

මිථ්‍යාවේ පදනම විමසා බැලීමේදී මූලිකවම පෙනී යන්නේ එය කිසිදු විද්‍යාත්මක හෝ නිල දත්තයක් මත පදනම් නොවූවක් බවයි. 2009 වසරේ දත්ත අනුව ඇමෙරිකාවේ සමස්ත විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් මිලියන 5ක් අතරින් 75%ක්ම උපතින්ම ඇමෙරිකානුවන් වන අතර, ඉතිරි පිරිසෙන් බහුතරය නියෝජනය කරන්නේ ඉන්දියානු (175,000) සහ චීන (160,000) ජාතිකයන්ය. කොරියාව, වියට්නාමය සහ ඉරානය වැනි රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලාංකික නියෝජනය එහි සඳහන් වන්නේ පවා “නොගිනිය හැකි” තරම් කුඩා ප්‍රතිශතයක් ලෙසය. නාසා ආයතනයේ සෘජු සිවිල් සේවකයෙකු වීමට ඇමෙරිකානු පුරවැසිභාවය අනිවාර්ය වන අතර, එහිදී ඔවුන් වර්ගීකරණය කරන්නේ “ආසියානු ඇමෙරිකානු” (AAPI) යන පොදු කාණ්ඩය යටතේ මිස තනි තනි රටවල් අනුව නොවේ.

එම සංවාදයේදී ජ්‍යෝතිෂය වැනි මිථ්‍යා විශ්වාස වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයක පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කළ තර්කය වූයේ, ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනයේ සේවය කරන විද්‍යාඥයන්ගෙන් 10%ක් ශ්‍රී ලාංකිකයන් බවත්, ඉන් 80%ක්ම සිංහලයන් බවත් ය. ලෝකයේ සෙසු රටවල් 192ක් තිබියදී එක් කුඩා දිවයිනකට මෙවැනි දැවැන්ත සේම ආශ්චර්යමත් නියෝජනයක් හිමිවීමට හේතුව අපේ “පෞරාණික දැනුමේ” මහිමයක් ලෙස ඔහු හුවා දැක්වීය. එය සත්‍යයක් නම් එම සුවිශේෂ ප්‍රඥා සම්භාරය පිළිබඳව ලෝක අවධානය පවා හිමි විය යුතුය. එහෙත්, මෙම ප්‍රකාශය හුදෙක් සංඛ්‍යාලේඛනමය දෝෂයක් නොව, ජාතියක් ලෙස අප පෙළෙන හීනමානය වසන් කරගනු පිණිස නිර්මාණය කරගත් භයානක ප්‍රබන්ධයකි.

මෙම මිථ්‍යාවේ පදනම විමසා බැලීමේදී මූලිකවම පෙනී යන්නේ එය කිසිදු විද්‍යාත්මක හෝ නිල දත්තයක් මත පදනම් නොවූවක් බවයි. 2009 වසරේ දත්ත අනුව ඇමෙරිකාවේ සමස්ත විද්‍යාඥයන් සහ ඉංජිනේරුවන් මිලියන 5ක් අතරින් 75%ක්ම උපතින්ම ඇමෙරිකානුවන් වන අතර, ඉතිරි පිරිසෙන් බහුතරය නියෝජනය කරන්නේ ඉන්දියානු (175,000) සහ චීන (160,000) ජාතිකයන්ය. කොරියාව, වියට්නාමය සහ ඉරානය වැනි රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලාංකික නියෝජනය එහි සඳහන් වන්නේ පවා “නොගිනිය හැකි” තරම් කුඩා ප්‍රතිශතයක් ලෙසය. නාසා ආයතනයේ සෘජු සිවිල් සේවකයෙකු වීමට ඇමෙරිකානු පුරවැසිභාවය අනිවාර්ය වන අතර, එහිදී ඔවුන් වර්ගීකරණය කරන්නේ “ආසියානු ඇමෙරිකානු” (AAPI) යන පොදු කාණ්ඩය යටතේ මිස තනි තනි රටවල් අනුව නොවේ.

2026 වසරේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමේදී ද මෙම යථාර්ථය වෙනස් වී නොමැත. නාසා හි සමස්ත ආසියානු නියෝජනය 12% – 18% අතර වන අතර, ඉන් වැඩිම පංගුව හිමිවන්නේ ඉන්දීය සහ චීන සම්භවයක් සහිත විද්‍යාඥයන්ට බව ඉතා පැහැදිලි සත්‍යයකි. ශ්‍රී ලාංකික මූලයක් සහිත පිරිස 1%කටත් වඩා අඩු අගයක් ගනී. ආචාර්ය සරත් ගුණපාල වැනි ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයන් කිහිප දෙනෙකු නාසා හි ප්‍රධාන මෙහෙයුම් වලට නායකත්වය දීම අපට අභිමානයක් බව නිසැක ය. එසේ වුවද, එම සුවිශේෂී දක්ෂතාව මුළු මහත් ජාතියකම පොදු ලක්ෂණයක් ලෙස පෙන්වීමට යාම “ආත්ම වංචාවකි”.

මෙවැනි පදනම් විරහිත ප්‍රබන්ධ සමාජගත වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව ඕනෑම දෙයක් පිළිගැනීමට අපේ ජනතාව දක්වන කැමැත්තයි. රොබට් නොක්ස් සිය ‘එදා හෙළදිව’ (An Historical Relation of the Island Ceylon) කෘතියේ සිංහලයන් පොදුවේ අලස ජාතියක් ලෙස හැඳින්වීම අදටත් වලංගු වන්නේ, අප සැබෑ ලෙසම දැනුම හඹා යනවා වෙනුවට මෙවැනි ව්‍යාජ ප්‍රබන්ධ තුළින් මානසික තෘප්තියක් ලැබීමට උත්සාහ කරන බැවිනි. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන උගුලකට හිරවී සිටින අපේ සමාජයට බටහිර ලෝකයේ දුර්ලභ අවස්ථා දිනාගත හැකි නිර්මාණශීලී පරපුරක් බිහි කිරීම අසීරු වී ඇත.

අප තේරුම් ගත යුත්තේ මිථ්‍යා විශ්වාස සහ ව්‍යාජ දත්ත මඟින් ගොඩනගන “හීනමානකාරී අභිමානයෙන්” ජාතියක් ලෙස අපට ඉදිරියට යා නොහැකි බවයි. මෙවැනි “මෝඩ චූන්”වලින් සිදු වන්නේ අපේ ජන සමාජය ගෝත්‍රික භාවය ගමනාන්තයක් කොට ගත් හුදකලා සමාජ ක්‍රමයක් තෙක් පසුබැසීම ය. ඒ අනුව අද වැනි කාලයක ලෝකය සමඟ තරඟ කිරීමට නම්, අප කළ යුත්තේ අතීතයේ හෝ ප්‍රබන්ධයන්ගේ සැඟවී සිටීම නොව, විද්‍යාත්මක චින්තනයෙන් හා කැපවීමෙන් යුතුව යථාර්ථයට මුහුණ දීමයි. අපට ප්‍රබන්ධවලින් තොර සැබෑ අභිමානයක් සහිත අනාගතයක් ගොඩනගා ගත හැකි වනුයේ එවිට පමණි.

ආචාර්ය සරත් ගුණපාල

අවසාන වශයෙන්, අප තේරුම් ගත යුත්තේ මිථ්‍යා විශ්වාස සහ ව්‍යාජ දත්ත මඟින් ගොඩනගන “හීනමානකාරී අභිමානයෙන්” ජාතියක් ලෙස අපට ඉදිරියට යා නොහැකි බවයි. මෙවැනි “මෝඩ චූන්”වලින් සිදු වන්නේ අපේ ජන සමාජය ගෝත්‍රික භාවය ගමනාන්තයක් කොට ගත් හුදකලා සමාජ ක්‍රමයක් තෙක් පසුබැසීම ය. ඒ අනුව අද වැනි කාලයක ලෝකය සමඟ තරඟ කිරීමට නම්, අප කළ යුත්තේ අතීතයේ හෝ ප්‍රබන්ධයන්ගේ සැඟවී සිටීම නොව, විද්‍යාත්මක චින්තනයෙන් හා කැපවීමෙන් යුතුව යථාර්ථයට මුහුණ දීමයි. අපට ප්‍රබන්ධවලින් තොර සැබෑ අභිමානයක් සහිත අනාගතයක් ගොඩනගා ගත හැකි වනුයේ එවිට පමණි.

තාරක වරාපිටිය

එතෙර - මෙතෙර