නිෂ්කාශන ප්‍රමාදයෙන් බහලුම් 400ක් වරායේ හිරවෙයි

රේගු නිෂ්කාශන කටයුතු ප්‍රමාදය හේතුවෙන් ඊයේ (26) බහලුම් රථ 400ක් පමණ වරාය පරිශ්‍රයේ ගාල්කර තිබූ බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල පැවසීය.

ලූනු, අර්තාපල් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් රථ ඊයේ (26) රාත්‍රිය වන විටදී නිෂ්කාශන කටයුතුවලින් අනතුරුව මුදා හැරීමට කටයුතු කර තිබුණද, ලුණු සහිත බහාලුම් රථ 100ක් පමණ වරාය පරිශ්‍රයේ තවමත් ගාල්කර තිබෙන බවද ලුණුවලට අදාළව ශ්‍රී ලංකා ප්‍රමිති සහතික වාර්තා ලැබීම ප්‍රමාදවීම හේතුවෙන් ලුණු තොග නිදහස් කිරීම මෙලෙස පමාවන බවද ඔහු සඳහන් කළේය.

තවද භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලට අදාළව මීට පෙරදී කමිටුවක් පිහිටුවා තිබූ බවත් භාණ්ඩ නිෂ්කාශන කටයුත්තට අදාළ සියලු පාර්ශ්ව එම කමිටුව නියෝජනය කළ බවත් සභාපතිවරයා කීවේය.

කාලීන පුවත්