පළමු ලුණු තොගය අද එයි

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය මඟින් පියවර ගෙන තිබේ. ඒ අනුව ඇණවුම් කළ පළමු ලුණු තොගය අද (14) දිවයිනට ළඟා වීමට නියමිතයි.

වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුවීමට හේතුව වී ඇත්තේ ලුණු හිඟය ඇති වූ අවස්ථාවේදීම ලුණු ආනයනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පවසන ලදි. ඉදිරියේදී ලුණු තොග දිවයිනට ලැබීමත් සමඟ ලුණු හිඟය පාලනය වනු ඇති බව හෙතෙම කියා සිටියි. මේ වන විට ඇතැම් කූට වෙළෙන්දෝ කැට ලුණු කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක් රුපියල් 450ත් – 500ත් අතර මිලකට අලෙවි කරමින් සිටිති.

කාලීන පුවත්