ප්‍රංශ රජයෙන් අලුත් පනතක්

ප්‍රංශයේ අවුරුදු 15 ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනත් කෙටුම් පතකට එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමකදී බහුතර ඡන්දයක් ලැබීමෙන් අනතුරුවයි.ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් සෙනෙට් සභාව වෙත ඉදිරිපත් කෙරෙන අතර එහිදීද ඡන්ද විමසීමක් සිදුවනු ඇත.

එහිදී බහුතර ඡන්දයෙන් එම පනත සම්මත වුවහොත් ප්‍රංශයේ අවුරුදු 15 ට අඩු දරුවන්ගේ snapchat, Instagram සහ TikTok වැනි සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට එරට රජයට හැකිවේ.

පසුගිය වසරේ අගභාගයේදී ඔස්ට්‍රේලියාවද වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවරගෙන ඇත.

කාලීන පුවත්