ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවයි

ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයදුම්පත් කැඳවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.පසුගිය වසරේ ජූලි මස 04 වැනි දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිධාරීන් 453 දෙනා සඳහා මෙම අයදුම්පත් කැඳවන බවයි අමාත්‍යාංශය පවසයි.

අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර එම අයදුම්පත් එළැඹෙන අප්‍රේල් මස 04 වැනි දින දහවල් 12.00 වන දක්වා භාර ගනු ලැබේ.නියමිත කාල සීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් අමාත්‍යාංශය පවසයි.

කාලීන පුවත්