පාර්ලිමේන්තුව අද (24) පෙ.ව 9.30ට රැස්වීමට නියමිතයි.
පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.
පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහාත්, අනතුරුව පෙ.ව 11.00 – පෙ.ව 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න සඳහාත් වෙන්කර තිබේ.
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා කාලය අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් ශෝක ප්රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වෙන් කර ඇත.
මේ අනුව අභාවප්රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ලොහාන් රත්වත්තේ, හීන්මහත්මයා ලියනගේ, ඩික්සන් ජේ. පෙරේරා, (ආචාර්ය) මර්වින් ඩී. ද සිල්වා, වයි.ජී. පද්මසිරි, ආර්. එම්. ආර්. චූල බණ්ඩාර සහ මාණිකාවාසගර් කනගසභාපති එලවෙන්තන් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක ප්රකාශ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.