පාර්ලිමේන්තු මංපෙතේ සිහිල් නා සෙවනක් තැනූ දයාරත්න – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

vinivida

ශ්‍රී ලාංකීය දේශපාලනයේ එක් යුගයක නම රැන්ඳු ජ්‍යෙෂ්ටතම දේශපාලඥයෙකු හා හිටපු කැබිනට් අමාත්‍ය වරයකු සේම ජීවතුන් අතර සිටි පැරණිම දේශපාලනඥයකු වන පී දයාරත්න මහතා සිය දීර්ඝ දිවි සැරිය පසුගිය 25 වන සිකුරාදා උදෑසන නිමා කළේ ය. 1970දී දේශපලනයට පිවිස ඒ මහ මැතිවරණය තරඟ කළ දේශපාලකයන්ගෙන් මා දන්නා තරමින් ජිවතුන් අතර සිටියේ සිව්දෙනෙක් පමණි.ඒ වී ආනන්ද සංගරී, මහින්ද රාජපක්ෂ,වාසුදේව නානායක් කාර හා පී. දයාරත්න යන සිව්දෙනා ය.මේ සිව්දෙනාම 1970 මහ මැතිවරණයට තරඟ කළ ද එයින් පරාජයට පත්වුණේ එජාපයෙන් තරඟ කළ දයාරත්න මහතා පමණ ය. පී.දයාරත්න මහතා අම්පාර ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෝමරත්න සෙනරත් මහතාට පරාජයට පත්වුණේ ඡන්ද හාරදහස් ගණනකිනි. එදා නවක අපේක්ෂකයන් ලෙස ශ්‍රී නිදහස් පක්ෂයෙන් හා ලංකා සමසමාජ පක්ෂයෙන් බෙලිඅත්ත හා කිරිඇල්ල ආසන තරඟ කළ මහින්ද රාජපක්ෂ හා වාසුදේව නානායක්කාර යන දෙදෙනාම මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පත් වූහ .නමුත් ඒ පරාජයෙන් පසුබට නොවුණු පී දයාරත්න මහතා එක්සත් ජාතික පක්ෂයෙන් අම්පාර ආසනයට1977ආසනයට තරඟ කර 1970දී තමාව වැඩි ඡන්ද 4000 කින් පැරදවූ ප්‍රතිවාදියා වූ සෝමරත්න සෙනරත් මහතාව වැඩි ඡන්ද 8000ක් ඉක්මවූ සංඛ්‍යාවකින් පරදවමින් පාර්ලිමේන්තුවට ගියේ ය.ඒ එම මැතිවරණයෙන් පැරදුණු මහින්ද රාජපක්ෂත් වාසුදේව නානයක්කාරත් ගෙදර යන අතරේ ය.1977නවක මන්ත්‍රීවරයෙකු වුවද පී දයාරත්නයන්ව ජේ ආර් ජයවර්ධන ජනපතිවරයා විසින් අම්පාර දිසා අමාත්‍ය ධුරයට පත් කළේ ජ්‍යෙෂ්ට දේශපාලනඥයෙකු වූ ඒ. එම් අබ්දුල් මජීඩ් මහතාත් දිස්ත්‍රික්කය නියෝජනය කරද්දීම ය ය.අනතුරුව 1981දී විදුලි බල නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කෙරුණු ඔහුට සිදුවූයේ විදුලිබල අමාත්‍යංශය තමන්ට පවරා ගත් ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ කෙලින්ම වැඩ කිරීමට ය.

දයාරත්නයන් සැබවින්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙක් විය. ඔහු ඉදිරියෙන් හෝ පිටුපසින් මැරයින් සිටියේ නැත. මහජනතාවට වේවා නිලධාරීන්ට වේවා ඔහු සමග ඕනෑම අදහසක් පිළිබඳව තර්ක කළ හැකි විය.ඔහු කිසිදා තම මතයට එරෙහිව කතා කළාය කියා ලේ රත් කර ගත්තේ හෝ පලිගන්නට ගියේ නැත දයාරත්නයන් ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි සමයේ මම මහඔය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළෙමි.

පලපුරුදු විදුලි ඉංජිනේරු වරයෙකු වූ දයාරත්නයන්ගේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ කාර්ය සාධනය ගැන පැහැදුණු.ජේ ආර් ඔහුව විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධුරයට පත්කර අමාත්‍ය මණ්ඩලය තුළට ගත්තේය.එතනින් ඇරඹුණු පී දයාරත්නයන්ගේ අමාත්‍ය මණ්ඩල නියෝජනය රණසිංහ ප්‍රේමදාස, ඩී බී විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක ,මහින්ද රාජපක්ෂ යන විධායක ජනාධිපතිවරුන් පස් දෙනාගේම රජයන් තුළ පැවතුණි.රටේ ප්‍රබල හා වැඩි මුදල් ප්‍රමාණයක් වෙන්කරන අමාත්‍යංශ වන විදුලිබල ඉඩම් වාරිමාර්ග හා මහවැලි සංවර්ධන පුනරුත්ථාපන සෞඛ්‍ය ආදී අමාත්‍යංශවල අමාත්‍යවරයා ලෙස කටයුතු කළත් කිසිදා ඔහුගේ අමාත්‍යංශවල දූෂණ පිළිබඳව කුඩා සිද්ධියක් වත් වාර්තා වූයේ නැත.අමාත්‍ය වරයා ලෙස ප්‍රතිපත්තිමය තීරණ ගැනීමත් අමාත්‍යංශයේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට වගකීමත් සිදු කළ පී. දයාරත්නයන් රාජ්‍ය මුදල් වැය කිරීමේ කාර්ය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන්ට ඉටු කිරීමට ඉඩදී අවශ්‍ය මඟ පෙන්වීම පමණක් කළේ ය.ටෙන්ඩර් මිලදී ගැනීම් ආදිය නියමිත පරිපාටින් තුළ නිලධාරීන්ට සිදු කිරීමට ඉඩ දුන්නා මිස ඇමතිවරයා ලෙස ඊට ඇඟිලි නොගසා පැත්තකට වී සිටියේ ය.ඒ ඔහු තම දේශපාලනික පවිත්‍රත්වය රැක ගැනීමට යෙදූ උපාය මාර්ගයක් වන්නට ඇත.

දයාරත්න මහතා අම්පාරේ පදිංචිවී සිටියේ මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් කුලී පදනම මත වෙන්කර ගත් නිල නිවාසයක ය.නැගෙනහිර පලාතේ අම්පාරේ මන්ත්‍රී වරයකු නිසා කොළඹ මාදිවෙලින් මන්ත්‍රී නිවාසයක් පහසුවෙන් ලබා ගත හැකිව තුබුණත් ඔහු එසේ කළේ නැත.ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ද කිසිදා කොළඹින් ඇමති නිල නිවාස ගත්තේ ද නැත.රජයෙන් කුලී පදනමට ලබාගෙන තිබුණු අම්පාරේ දීඝ ගාමිණී මාවතේ, බී 8 නිල නිවසේ නිවාස කුලිය කච්චේරියට ගෙවීම සෑම මසකම නියමිත දිනට නොකඩවාම කරගෙන ගියේය.කවර ඇමති ධුරය දැරුවත් අම්පාරේ පදිංචි නිල නිවසේ විදුලි බිල්, ජල බිල්හෝ නඩත්තු වියදම් ඔහු දැරුවේ තම පෞද්ගලික මුදලිනි.නිල නිවසේ බරපතල අලුත්වැඩියාවක් ආවත් කච්චේරියේ නඩත්තු වැය ශීර්ෂයෙන් ප්‍රමුඛතාව ගන්නට ඔහු ක්‍රියා කළේ නැත.එම නඩත්තුව ඔහු විසින්ම කර ගත්තේ ය.මට හිතෙන පරිදි ඇමතිවරයෙකුව සිටියදී පදිංචි රජයේ නිල නිවසේ විදුලි බිල ජල බිල පෞද්ගලිකව දැරූ අපේ කාලයේ එකම අමාත්‍යවරයා ද පී දයාරත්නයන්ම විය යුතු ය.

ඔහු කළ සෑම ක්‍රියාවකම නිසි පිළිවෙලක් තිබුණි ඊට ඔහුට අනන්‍ය ප්‍රතිපත්තියක් ද විය.එමෙන්ම දැඩි විනයනුකූල බවක්ද ඔහු තුළින් විද්‍යාමාන විය.මේ සියල්ල තුළින් පිළිබිඹු වූයේ තැන්පත් පරිණත කලබලයට පත් නොවන ඉවසීමක් සහිත ප්‍රසන්න පුද්ගල පෞරුෂයකි.ශරීරයෙන් කුඩා වුවත් මේ සියල්ල නිසා ඔහු ඕනෑම තැනකදී කැපී පෙනුණු අයෙක් විය. දයාරත්නයන් සැබවින්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලකයෙක් විය. ඔහු ඉදිරියෙන් හෝ පිටුපසින් මැරයින් සිටියේ නැත. මහජනතාවට වේවා නිලධාරීන්ට වේවා ඔහු සමග ඕනෑම අදහසක් පිළිබඳව තර්ක කළ හැකි විය.ඔහු කිසිදා තම මතයට එරෙහිව කතා කළාය කියා ලේ රත් කර ගත්තේ හෝ පලිගන්නට ගියේ නැත දයාරත්නයන් ප්‍රබල අමාත්‍යවරයෙකුව සිටි සමයේ මම මහඔය ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කළෙමි.එක් දිනක උදෑසන 5.30ට පමණ ඔහු මගේ නිල නිවසට දුරකතන ඇමතුමක් දුන්නේ දෙහිඅත්තකන්ඩියේ මහවැලි සංචරක බංගලාවේ සිට ය.

පී දයාරත්න මහතා

“මිස්ටර් කන්නන්ගර; ඊයේ මම මහඔය හරහා එනකොට දැක්ක අර හැට නමයෙ හන්දිය ළඟ ආණ්ඩුවේ ඉඩමක ඉදිකිරීමක් කරන්න ගල් ගොඩක් බාල තියෙනවා.ඔයා ඒක දැක්කෙ නැද්ද?”
“සර්; මම ඕක ඊට ඉස්සෙල්ලම දැකල ඒ මනුස්සයව ගෙන්නල අහල බැලුව.මිනිහට ඒ ඉඩමට කච්චේරියෙන් දීපු එල් ඩී ඕ බලපත්‍රයක් තියෙනවානෙ.”
“වෙන්න බෑ. ඔතනට කාටවත් බලපත්‍ර දෙන්න එපා කියල මම ඉස්සර ඉඳන්ම කිව්වා. මොකද මහඔය නගරේ ව්‍යාප්ත වෙනකොට ඔතන ප්‍රධාන හන්දියක් වෙනවා.කවද හරි සතිපොල ඔතනට ගෙනැල්ල ප්‍රාදේශීය සභාවෙන් කඩ ටිකක් හදවන්න ඕන වෙන්නෙ ඔය ඉඩම් ටිකේ නිසයි මම එහෙම කියල තිබුණෙ .”
“ඒත් සර්; මිනිහට ආණ්ඩුවෙන් බලපත්‍රයක් දීල තියෙනවනෙ ”
“හරි; ඔයා එයාට කියන්න ඒ ඉඩමෙ මොකුත් කරන්න එපා
කියල ”
“බලපත්‍රයක් තියෙන ඉඩමක එහෙම ඉදිකිරීම් නවත්වන්න මට නීතියෙන් බලයක් දීල නෑනෙ සර්”
“හරි; එහෙනම් ඔයාට පුලුවන්ද? මම කිව්වා කියල ඒ මනුස්සයට කියන්න ඒ ඉඩම අනාගතේ රජයේ ප්‍රයෝජනයට ඕන නිසා ඉදිකිරීම් නවත්වන්න කියල.ඒ පණිවුඩේ කියන්න පුලුවන්නෙ.”
“ඔව් සර් මම සර්ගෙ පණිවුඩේ නම් හෙටම කියන්නම්”
“හොඳයි.”

අපි දෙන්නා අතර දුරකතන සාකච්ඡාව නිම වුණේ එසේය.මම පසු දිනම ඇමති තුමාගේ පණිවිඩය බලපත්‍රකරුට කීවෙමි.එවිට අදාල ඉඩම් බලපත්‍ර කරු මගෙන් ඇසුවේ දැන් කුමක් කළ යුතුද? කියාය.එවිට මා උපදෙස් දීමට හැකි වූයේ තමුන් කැමති ලෙස කටයුතු කරන්න කියා පමණි.නැති නම් එය මගේ ද අභිමතයක් සේ ඔහු සිතනු ඇත.එය රාජකාරීමය අවභාවිතයකි.ඇමතිතුමාගේ ප්‍රතිවාදී පිලේ ප්‍රමුඛ සහායකයෙකු වූ බලපත්‍ කරු මාස කීපයක් ඉදිකිරීම් නතර කර තබා පසුව එම ඉඩමේ කඩ පේලියක්ම ඉදිකළේ ය.නමුත්.ඇමතිතුමා යළිත් මගෙන් ඒ ගැන ඇසුවේ හෝ මා.සමග අමනාප වූයේ ද නැත. මාව මාරු කරනවා කීවේත් නැත. මට බැන්නේ අවලාද නැඟුවේ නැත. වෙනදා මෙන්ම මා හා සුහදව කතා බහ කළේ ය..

පසුව නීතියට අනුකූල නොවන ගැටලු මහඔය කිසිවෙකු මට පැවසීමට කියා ඇමති තුමාට කිව්වොත් “ඔය ප්‍රාදේශීය ලේකම්ට ඕව කියන්න බෑ. එයා නීතියට වැඩ කරන්නෙ. ඔයාලට බෑ කිව්ව නම් මම කිව්වම මටත් බෑ කියන උත්තරේ තමයි අහගන්න වෙන්නෙ.ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ” කියා කියන බව මට ආරංචි විය.ඔහු නිලධාරීන්ට හා ඔවුන් ගේ වෘත්තීය කටයුතු වලට ගරු කළේ එලෙසිනි. පවත්නා ප්‍රශ්නයට සාවධානව කන් දී ඔවුන් හා හොඳින් කතා බස් කළේය බැණ වැදුණේ නැත. තරහ වුණේ ද නැත. උන් එක්ක වැඩ කරන්න බෑ කියා නිලධාරීන් මාරු කළේ ද නැත.ගෙදරට ගෙන්වා ගත්තේත් නැත.එසේ වුවද දයාරත්න ඇමති තුමා සමග යමක් කතා කරන්නට අවශ්‍ය වුනොත් නිල නිවසේ පවත්වාගෙන ගිය කාර්යාලයට ගොස් එතුමා සමඟ මුහුණට මුහුණ සාකච්ඡා කිරීමට කිසිම නිලධාරියෙක් මැළිවුනේ ද නැත.ඒ ඔහු සමග කරන රාජකාරි ගැටලු සාකච්ඡා නිලධාරීන්ට කිසි අයුරකින් පීඩනයක් නොවූ නිසා ය.

දයාරත්නයන් සෑම නිලධාරියෙකුටම බොහෝ විට ඇමතුවේ මිස්ටර් යන වචනය මුලට යොදාගෙන ය.මා උප දිසාපතිවරයෙකු ප්‍රාදේශීය ලේකම් වරයෙකු සේවය කරද්දී “මිස්ටර් කන්නන්ගර'” කියාමා ඇමතූ ඔහු මා දිසාපතිවරයෙකු වූ විට. “දිසාපති තුමා’ කියා ඇමතුවේය.. දුරකතන ඇමතුමක් රැගෙන අසා සිටින්නාට ආමන්ත්‍රණය කර “මම දයාරත්න කතා කරන්නේ” කියමින් තමන්ව හඳුන්වා දෙනවා මිස මිනිස්ටර්, ඇමතිතුමා මන්ත්‍රීතුමා ආදී කිසි දෙයක් කියන්නට ගියේ නැත. ප්‍රබල ඇමතිවරයෙකුව සිටි සමයේත් එකල කොළඹ එන අතර ඔහු තේ උගුරක් බොන්නට ගොඩ නැඟුණේ හුන්නස්ගිරියේ වංගු දෙකේ තිබුණු නානා මුදලාලිගේ රොටී කඩයට මිස රෙස්ට් හවුස් හෝ ඉහළ පංතියේ හොටල් වලට නොවේ.අම්පාරේ සෙසු මන්ත්‍රීවරු වූ අබ්දුල් මජීඩ්,ඒ ආර් මන්සූර් යන ඇමතිවරුන්ටත් තේ බීම සඳහා සුදුසුම තැන ලෙස නානා මුදලාලිගේ රොටි කඩය නිර්දේශ කළේ ද දයාරත්න මහතා බව අබ්දුල් මජීඩ් ඇමතිතුමා මා සමඟ පවසා ඇත. 88/89 භීෂණ කාලයේ දී නානා මුදලාලිගේ රොටී කඩය ගිනිතබා විනාශ කිරීමට ත්‍රස්තවාදීන් ක්‍රියා කිරීම නිසා නානා මුදලාලිගේ සංග්‍රහශීලිත්වය පිළිබඳවත් ඔහුගේ රොටි හා තේ කඩය නැතිවීම ගැනත් දයාරත්න මහතා මහත් කම්පනයෙන් යුතුව අප සමග කතා කළේය.

parliament session parliament india parliament members parliament cope
ඔහුට අම්පාර ගැන ලොකු හැඟීමක් හා බැඳීමක් තිබුණි..මුලින්ම අම්පාරේ විදුලී ඉංජිනේරු ලෙස රාජකාරි භාරගන්නට එහි ගියේ රත්මලානේ සිට ඩැකෝටා ඩී සී 3 ගුවන්‍ යානයෙනි. එකල ටිකට් පත රුපියල් 25/=කි.ඒ මුද්‍රිත ටිකට් පත ප්‍රවේසම් සහිතව ඔහු සතුව මිය යන තෙක්ම තිබුණි .අම්පාරේ ඓතිහාසික උරුමය මතු කර ගැනීමට ඔහු දිගාමඩුල්ල නම් වූ ඉතිහසයෙන් වැසී ගිය නාමය නිල භාවිතයට ගැනීමටත් මැතිවරණ දිස්ත්‍රික්කය දිගාමඩුල්ල නමින් නම් කරවා ගැනීමටත් දයාරත්න මහතා ක්‍රියා කළේ ය.ඒ සඳහාත් ඔහු අනුගමනය කළේ මැතිවරණ දිස්ත්‍රිකයේ නම දිගාමඩුල්ල විය යුතු ය යන යෝජනාව තමන් ඉදිරිපත් කරන ගමන් තවත් කණ්ඩායමකින් ද ඒයෝජනාවම ඉදිරිපත් කරවා එය ප්‍රබල මහජන මතයක් බව සීමා නිර්ණය කොමිසමට පෙන්වා දීමයි. එල් ටී ටී ඊ ත්‍රස්තවාදී ප්‍රහාර සාමාන්‍ය ජනතාවට එල්ල වන්නට පටන්ගත් පසු ආරක්ෂිතව අම්පාරෙන් පිටතට ඒමට මාර්ගයක් නොමැති බව දුටු ඔහු ගල්ඔය සංවර්ධන මණ්ඩලය සමයේ ගම්වාසීන්ට සහල් බෙදමින් ශ්‍රමය ලබාගෙන ඉදි කළ නාමල්ඔය මුල්ලේගම මාර්ගය (හාල් පාර )දැවැන්ත ශ්‍රමදානයකින් වාහන යා හැකි බොරළු පාරක් බවට පත්කර බිබිල පිට කුඹුර මාර්ගයේ කරාඬු ගලට සම්බන්ධ කරවා අම්පාර වැඩියන්ට ආරක්ෂිත මාර්ගයක් සකසා දුන්නේ ය. අද එය අම්පාර සිට බිබිල හරහා බදුල්ලට යන ප්‍රධාන මාර්ගය බවට පත් වී ඇත.මාදුරුඔය හා මහඔය යා කළ මාර්ගයත් දයාරත්න මහතා මහවැලි ඇමති ලෙස ආරම්භ කළ ව්‍යාපෘතියකි. ඉන් අම්පාර හා පොලොන්නරුව අතර ගමන් කරන කාලයෙන් පැයකටත් වඩා අඩු වී ඇත.අම්පාරේ සිට පානමටත් බින්තැන්නටත් විදුලිය මාර්ගය දිගු කර කිලෝමීටර් 250 වන දිස්ත්‍රිකයේ දකුණේ සිට උතුරු කෙලවර දක්වා විදුලිය සැපයීම පහසු කළේ ද පී දයරත්න මහතා ය.අම්පාර දිස්ත්‍රික්කයේ මහවැලි බල ප්‍රදේශයෙන් බැහැර පාසල් 36ක් අලුතින් ආරම්භ කළේ ද ඔහු ය.අම්පාර රෝහල මූලික රෝහලක සිට මහ රෝහලක් දක්වා ඉහළ නංවා ආසියා පැසිෆික් කලාපයේ රන් සම්මානය දිනාගන්නට දිවංගත වෛද්‍ය ලංකා තිලක ජයසිංහට සම්පත් දායකයා වූයේ එවක සෞඛ්‍ය ඇමති පී දයාරත්නයන් ය.අම්පාරේ මහ වාපි මහ විහාරය ඉදිකිරීම සඳහා හෑගොඩ ඉන්දසාර නාහිමියන්ට ඉඩම් වෙන්කර දුන්නේ ද දයාරත්න මහතා ය.අම්පාර වැවේ අනෙක් පස දර්ශනීය ජපන් සාම චෛත්‍ය ඉදිකෙරෙව්වේ ද ඔහුගේ යෝජනාවකිනි.අද අම්පාර නගරයේ ජනාකීර්ණ ජයවර්ධනපුර, ගුරු පුර , වයි එම් සී ඒ නිවාස යෝජනා ක්‍රම ඔහු ගේ යෝජනා මත ඇරඹුණු ඒවා ය.එදා රෝහල පිටුපස ලඳු කැලෑ පෙදෙස අම්පාර නගරය ව්‍යාප්ත කිරීම සඳහා සුදුසු නේවාසික ප්‍රදේශයක් කිරීමට නවගම්පුර නිවාස යෝජනා ක්‍රමය ඇරඹුවේ ද ඔහු ය. එදා කර්කෂ වියලි පොළොවක්ව පැවැති අම්පාර කච්චේරි භූමිය පුරා පැල සිටුවා අද වනවිට තුරු ගොමුවක් බවට පත්කිරීමේ පුරෝගාමියා ද දයාරත්න ඇමති තුමා බව අනේක වාරයක් එහි සෙවන සිසිල විඳ ඇත්තකු ලෙස මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කිරීම මගේ යුතු කමකි.

රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට යන ප්‍රධාන මාර්ගය දෙපස ලස්සන කරන්න මම නම් දෙපාරක් නොසිතා ඔය වියදම දරල විදුලි මාර්ගය භූගතව ගෙනියනවා” යනුවෙන් සැනෙන් පිළිතුර ලැබුණි. ඒ පිළිතුර අනුව පවිත්‍රා ඇමති තුමිය පාර්ලිමේන්තු මාර්ගය ඉහලින් නා ගස් වලට බාධකය වූ අධිසැර විදුලි මාර්ගය කෝටි විස්සක් වැයකර භූගතව ගෙනියන ලෙස නියෝග කළාය එය එසේම සිදු විය.අද ද නාගස් දෙපේලිය නිදහසේ වැඩී පාර්ලිමේන්තු මාර්ගය දෙපස සුවඳවත් කරමින් දර්ශනීය කරවමින් සෙවන හා සිසිල සලසමින් වැජඹෙනුයේ පී දයාරත්නයන් නිසා බව බොහෝ දෙනා නොදනිති.

බොහෝ දෙනා දැන නොසිටියත් පාර්ලිමේන්තු මාර්ගයේ පාර්ලිමේන්තුවට රවුමේ (පැරණි කොන්ත ගංතොට) හන්දිය සිට පාර්ලිමේන්තුව දක්වා දෙපස ඇති දර්ශනීය නා ගස් දෙපේලිය රෝපණය කෙරෙව්වේ පී දයාරත්න මහවැලි ඇමතිතුමා ය.එම මාර්ගය දෙපස සිටුවා තිබුණු ඇහැල ගස් ක්‍රමයෙන් මැරෙමින් තිබෙනු දුටු දයාරත්න ඇමති තුමා පේරාදෙණිය උද්භිද උද්‍යානයේ නිලධාරින් කඳවා ඊට හේතු පරීක්ෂා කර ඇහැල ගස් වෙනුවට නාපැල රෝපණයට තීරනයක් ගෙන පේරාදෙණියෙන්ම නාපැල ගෙන්වා තම සුරතින් මුල්පැලය රෝපණය කර කිලෝමීටරයක් පමණ මාර්ගය දෙපස දර්ශනීය නා ශාඛ පේලි දෙකක් ඇති කරන ලදී.මේ නා ශාඛ එක් පේලියකට ඉහලින් ඇද තිබුණු අධි සැර විදුලි මාර්ගය නිසා නා ශාඛ වල මුදුන් කප්පාදු කිරීමෙන් ඒවා අවලස්සන වන බව දුටු ඔහු ඒගැන විදුලිබල අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ අවධානයට ලක්කර අධිසැර විදුලි මාර්ගය භූගතව ගෙන යාමට යෝජනා කළේ ය. එසේ වුවද අධික වැය බරක් ඊට දැරීමට සිදු වන නිසා එය ඵල දැරුවේ නැත.එහෙත් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලි ඇමති වූ පසු ඔහු යළිත් ඒ යෝජනාව ඉදිරිපත් කල විට ඇය දයාරත්න මහතාගෙන් විමසුවේ ” ඔබ තුමා හිටපු විදුලි ඇමති කෙනෙක්. ඒවගේම විදුලි ඉංජිනේරුවරයෙක් අද ඔබතුමා විදුලි ඇමතිවෙලා මේ පුටුවෙ භිටිය නම් විශාල වියදමක් යන මේ යෝජනාව ගැන මොකක්ද ගන්න තීරණය”කියා ය.

“රටේ උත්තරීතර ආයතනය වන පාර්ලිමේන්තුවට යන ප්‍රධාන මාර්ගය දෙපස ලස්සන කරන්න මම නම් දෙපාරක් නොසිතා ඔය වියදම දරල විදුලි මාර්ගය භූගතව ගෙනියනවා” යනුවෙන් සැනෙන් පිළිතුර ලැබුණි. ඒ පිළිතුර අනුව පවිත්‍රා ඇමති තුමිය පාර්ලිමේන්තු මාර්ගය ඉහලින් නා ගස් වලට බාධකය වූ අධිසැර විදුලි මාර්ගය කෝටි විස්සක් වැයකර භූගතව ගෙනියන ලෙස නියෝග කළාය එය එසේම සිදු විය.අද ද නාගස් දෙපේලිය නිදහසේ වැඩී පාර්ලිමේන්තු මාර්ගය දෙපස සුවඳවත් කරමින් දර්ශනීය කරවමින් සෙවන හා සිසිල සලසමින් වැජඹෙනුයේ පී දයාරත්නයන් නිසා බව බොහෝ දෙනා නොදනිති.

පානම සිට දෙහිඅත්ත කන්ඩිය දක්වා අම්පාර පුරාම ඔහුගේ මූලිකත්වයෙන් කළ දේවල් බොහෝ ය.මේ සියල්ල අතර එජාප දේශපාලනයේ ගම් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටමට නායකත්ව ජාලයක් ද ඔහු විසින් ගොඩ නංවන ලදී.මහ මැතිවරණයේ දී තනියෙන් මනාපය ගස්සවාගෙන තම පක්ෂයේ සෙසු අපේක්ෂකයින්ටම කැපිල්ල දමන ක්‍රමය පිළිකුල් කළ ඔහු තමන් සමඟ තව දෙදෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන යාමට මනාප තුනෙන් මන්ත්‍රීවරු තුන්දෙනෙක් පත්කර ගත හැකි බව ජනතාවට අවබෝධ කරවා එ ජාප මන්ත්‍රීවරු තිදෙනෙක් අම්පාරෙන් පාර්ලිමේන්තුවට පත්කර ගත්තේය. පී දයාරත්නයන් ජනතාවට නායකත්වය දුන්නේ අනාගත දැක්මක් සහිතව ය.ඔහු ජනප්‍රියත්වය වෙනුවට නිවැරදි දෙය වෙනුවෙන් පෙනී සිටියේ ය .2011වසරේදී හිඟුරාන සීනි ආයතනය යළි සක්‍රිය කිරීමට උක් වගාව යළි ඇරඹීමට අවශ්‍ය විය.සීනි ආයතනය බිඳවැටීමෙන් පසු උක් වගා බිම් හෙක්ටයාර් 6000ක් ගොවීන් විසින් වී වගා බිම් බවට හරවා වසර දහයකටත් වඩා වී වගා කරමින් සිටියහ..රජයේ තීරණය වූ උක් වගාව යළි ඇරඹීමට වී වගාව සඳහා වාරි ජලය නිකුත් නොකරන බවත් ගොවීන් සීනි සමාගමේ සහයෙන් උක් වගා කළ යුතු බවටත් නිවේදනය කරන්නට දිසාපතිවරයා වූ මට සිදු විය. මගේ තීරණයට ද`සතින්ම ගොවීන්ගෙන් නැගුණේ දැඩි විරෝධයකි. ඒ වන විට දයාරත්න මහතා ඇතුලුව අම්පාරේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් කැබිනට් අමාත්‍යවරු වූහ .තවත් මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විය.මේ අතරින් දයාරත්න මහතා හැර අනික් සියලු දෙනාම මගේ තීරණය වෙනස් කර වී වගාවට ජලය දෙන ලෙසට මගෙන් දැඩි සේ ඉල්ලීම් කළෝ ය.දයාරත්න මහතා පමණක් මගේ තීරණයට සහය පළ කරමින් උක් වගාව කළ යුතුය යන අදහසේ සිටියේ ය.හිඟුරාන සීනි ආයතනයට රැස්වූ ගොවීන්ගේ සාකච්ඡාවට පැමිණි ඉහත අමාත්‍යවරුන් සියලු දෙනම වී වගාවට ජලය දෙන ලෙසට ප්‍රසිද්ධියේ මගෙන් ඉල්ලා සිටිද්දී සිය කතාවේදී මගේ තීරණය නිවැරදි බවත් දකුණු ඉවුරේ ඉඩම් වෙන් කර ඇත්තේ උක්වගාවට බවත් ඒ නිසා ගොවීන් උක්වගාව ආරම්භ කළ යුතු බවත් ප්‍රසිද්ධියේ කියා සිටියේ දයාරත්න ඇමති තුමා පමණි.ඔහුගේ ඒ කතාවට එරෙහිව විශාල හඬක් සභාවෙන් මතුවුණ ද දයාරත්න මහතා සුපුරුදු සිනාවෙන් එය ඉවසා හිඳීමට දයාරත්න මහතා සමත් විය. නිලධාරීන්ගේ නිවැරදි තීරණ වෙනුවෙන් පෙනී සිටීමට ඔහු කිසිදා මැළි වුනේ නැත.එදා වී වගාවට ජලය දුන්නා නම් අද වන විට හිඟුරාන සීනි ආයතනය වවුලන් ලගින තිප්පොලක් වීමට ඉඩ තිබුණි.

අද දින දැයෙන් සමුගන්නේ මේ අන්දමේ දුර්ලභ ගුණාංගයෙන් හෙබි ජ්‍යෙෂ්ටතම දේශපාලනඥයෙකි.කණගාටුවට කරුණ වන්නේ එවන් දේශපාලකයින් යළි බිහි නොවීම ය .පී දයාරත්නයන් දේශපාලනයේ සිටි කාලය තුළ දේශපාලනය යහපත් තැනක් කරන්නට බොහෝ දේ කළ අයෙකි. වත්මන් හා අනාගත දේශපාලකයන්ට ආදර්ශයට ගතයුතු බොහෝ දේ ඉතිහාසයට ඉතිරි කර පාර්ලිමේන්තු මංපෙතේ සිහිල් නා සෙවනක් තැනූ දයාරත්නයන් අද දින අපෙන් සමු ගනු ඇත.

පී දයාරත්න මැතිඳුනි; ඔබ තුමන්ට සුභ ගමන්!.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර