ලබන 18 වැනිදා බ්‍රහස්පතින්දා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවා තිබේ.කථානායකවරයා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් මේ බව ප්‍රකාශයට පත්කර ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස් වෙන අතර, එම රැස්වීමට සහභාගි වන ලෙස කථානායකවරයා විසින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන අනුමත කර ගැනීමට පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීම එදින සිදු කිරීමට නියමිතව ඇත. 2026 අය-වැය ලේඛනය සම්මත කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව එළැඹෙන ජනවාරි මස 06 වැනිදා දක්වා කල් තැබිණි.