පෑලියගොඩ මැනිං මාකට් හරහා බස් ධාවනය කරවන්නැයි ඉල්ලීම්

පෑලියගොඩ මැනිං මාර්කට් හා මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය හරහා පොදු මගී ප්‍රවාහන බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරවන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ යැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්.ටී.එන්. සමරතුංග මහතා පවසා ඇත.

මේ වනවිට එළවළු, පලතුරු හා මාළු මිලදී ගැනීමට එන බොහෝ පාරිභෝගික ජනතාව බස්රථවල පැමිණ පෑලියගොඩින් බැස කුලී ත්‍රිරෝද රථවල පැමිණෙන බවත්, ඔවුන්ගෙන් ත්‍රිරෝද රථ රියැදුරන් විවිධ ගණන් අයකරන බවත් හෙතෙම කීය. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව පෑලියගොඩ මැනිං මාර්කට් හා මාළු මාර්කට් ඒමට කැමැත්තක් නොදක්වන බවද ඒ මහතා කියා සිටියි.

කාලීන පුවත්