මගී ප්‍රවාහන බස් රථවල අලංකාර ආලෝකකරණ සහ අධික ශබ්දය පාලනය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක පවසනලදි.
මහාමාර්ග අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
බස් රථවලට යොදා ඇති විවිධ ආලෝකකරණ සහ අධික ශබ්දය හේතුවෙන් මගීන්ට ඇතිවන බලපෑම සම්බන්ධව මනෝ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවීමට ද කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා සදහන්කරයි.
“බස් රථවල තොරන් ගැසීමට ඉඩ නොදෙන බව“ ඇමැතිවරයා පවසනලදි.
එමෙන්ම, රියැදුරු අසුන පිටුපස වීදුරුවේ අලවා තිබෙන ස්ටිකර් ඉවත් කළ යුතු බවද ඔහු පවසනලදි.