මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා බස් රථ හිමියන්ට දැනුම් දෙන්නේ, කිසිම අයුරකින් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූ රියැදුරන් සේවයට යොදා නොගන්නා ලෙසයි.
මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහනයේ යෙදෙන රියැදුරන් පරීක්ෂාව මේ වනවිට ක්‍රියාත්මකයි.
ඒ යටතේ රුධිර හා මූත්‍රා සාම්පල පරීක්ෂාවට අමතරව ඛේට සාම්පල පරීක්ෂා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ද මේ වනවිට ක්‍රියාත්මක කර තිබේ.