මහනුවරට යන අයට විශේෂ මතක් කිරීමක්

මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පදිකයන්ට බාධා වන අයුරින් ඉදිකර ඇති මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුවී ඇති බවයි.

මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මෙම අදහස් පළ කර තිබේ.

කාලීන පුවත්