මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙරහර වීථී සංචාරයෙන් ආරම්භ වූ අතර,අගෝස්තු මස 9 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ශිල්ප ආයතනයේ අධීක්ෂණය යටතේ පෙරහර පැවැත්වෙන මාර්ගයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂිත වැට ඉදිකිරීම නාවික හමුදා ශිල්පීය දායකත්වයෙන් සිදුකෙරුණු අතර, නුවර වැව පරිශ්‍රය ආවරණය වන පරිදි නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායම් ඒ සඳහා අවශ්‍ය ජීවිතාරක්ෂක උපාංග සහ යාත්‍රා සමඟ පෙරහර අවසන් වන තෙක් අඛණ්ඩව ජීවිතාරක්ෂක සේවා සැපයීම සිදු කරයි.