මාතර දිසාවේ පාසල් සඳුදා අඟහරුවාදාත් වැසෙයි

මේ වන විට බලපවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් එළැඹෙන සඳුදා(09) සහ අඟහරුවාදා(10) දිනවල ද වසා තැබෙන බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා (05) සහ සිකුරාදා (06) දා මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා තැබීමට කටයුතු කළ අතර අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙලෙස පාසල් වසා දැමීමට තීරණය කර ඇත.

කාලීන පුවත්