ගංවතුර හා විදුලිය ඇණහිටීම හේතුවෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වූ මස් කි.ග්‍රෑ. 12,000ක ප්‍රමාණයකට ඊයේ (07) මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් මුද්‍රා තබා තිබේ.
ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවිපොලක. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකයට (1926) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේ දී මෙම මස් තොගය හමු වී තිබේ.
ඒ අනුව අදාළ සත්ත්ව ගොවිපොළ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පරික්ෂාවට ලක්කර, එම මස් තොගය මුද්‍රා තැබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් බොරලැස්ස මහතා පවසයි.
ඒ අනුව එම මස්වල සාම්පල අද (8) රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට නියමිතයි.