මිනිසා තැනූ ලොව බිහිසුණුම ජලාශය කොත්මලේ ද? – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

​වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු, මුහුදු මට්ටමේ සිට මීටර් 640 – 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත, පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ, උස මීටර් 15 ක් සහ පළල මීටර් 14 බැගින් වන, එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත, උස මීටර් 87 ක්, දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10 කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව, වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්‍රදේශයකින් යුත් කොත්මලේ ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේ දී ය.

​කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර, තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම ජලාශය, ශ්‍රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමු ව්‍යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.

​මෙම ජලාශය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීම ද මෙහි එක් අරමුණක් විය.

​නමුත් මෙය ඉදිකර හතළිස් වසරකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාළ බලධාරීන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්‍රකාශයකින් තහවුරු වී තිබේ.

​ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී, පැය 24 පුරාම සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්, ජලාශයේ රඳවා ගන්නා ජල ප්‍රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිව යුතු වේ. එසේම ගංවතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමේ අවදානම් සහිත යුතුකමක් ද ඔවුන් සතුව පවතී.​නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින රාත්‍රියේ හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා, අති විශාල ජල ප්‍රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොළ ප්‍රදේශයට “මිරිදිය සුනාමියක්” (Freshwater Tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත හා දේපළ හානියක් සිදු විය.

​ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී, පැය 24 පුරාම සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරීන්, ජලාශයේ රඳවා ගන්නා ජල ප්‍රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිව යුතු වේ. එසේම ගංවතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන් ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කිරීමේ අවදානම් සහිත යුතුකමක් ද ඔවුන් සතුව පවතී.

​නමුත් පසුගිය නොවැම්බර් මස 27 වන දින රාත්‍රියේ හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා, අති විශාල ජල ප්‍රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොළ ප්‍රදේශයට “මිරිදිය සුනාමියක්” (Freshwater Tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත හා දේපළ හානියක් සිදු විය. එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන්, ජීවිත බේරා ගැනීමට ළඟපාත නිවාසවල ඉහළම තිබූ තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස් යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත්, ප්‍රකෝටි ගණන් දේපළත් ඒ සමඟ රැගෙන යමිනි. මෙය කිසිසේත් ස්වභාවික විපතක් ලෙස සැලකිය යුතු නොවේ.

​ගංවතුර පාලනය කිරීම ද අරමුණු කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදු වූයේ කෙසේ ද?

​ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාළ ජලාශය භාර නිලධාරීන් ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කළේ, විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ අති විශාල ජල ප්‍රමාණයක් එකවර මුදා හැරීම නිසා පහත ප්‍රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇති වීමෙන් මිනිස් ජීවිත සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

​එම නිලධාරියා ප්‍රකාශ කරන පරිදි, නොවැම්බර් මස 27 වන දින රාත්‍රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරව ය. ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීම ද සිදුකර නොමැත. අති විශාල ජල ප්‍රමාණයක් එකවර මුදාහැර, ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.

පසුදා සුළු වෙලාවකට වාන් දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයිරන් නලාව නාද කළ බවත්, එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම” වැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත්, එය ඔවුන්ගේ උපදේශන අත්පොත්වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්‍රකාශ කරයි. නමුත් පෙර දින රාත්‍රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබුණු බැවින්, එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බියට පත්ව හිස් ලූ ලූ අත දිව ගොස් තිබේ.​ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය බාගෙකට, පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද? යන්නයි.​මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.

​නැවත පසුදා සුළු වෙලාවකට වාන් දොරටු විවෘත කිරීමේදී ඊට විනාඩි දහයකට පෙර සයිරන් නලාව නාද කළ බවත්, එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම” වැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත්, එය ඔවුන්ගේ උපදේශන අත්පොත්වල ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්‍රකාශ කරයි. නමුත් පෙර දින රාත්‍රියේ වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබුණු බැවින්, එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බියට පත්ව හිස් ලූ ලූ අත දිව ගොස් තිබේ.

​ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය බාගෙකට, පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද? යන්නයි.

​මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.

​මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්‍රදේශයේ ජීවිත සහ දේපළ අති විශාල ප්‍රමාණයක් හානිවීමත්, එතනින් පහළ මහවැලි ගඟ ආශ්‍රිතව අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත. විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම් “එර්දියෙන්” ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. සැබෑ තත්ත්වය එසේ නම්, මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුව ද, එමඟින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට, මේ “භයානක ජලාශය” වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත.

​නමුත් මේ නිලධාරීන් පවසන්නේ ඇත්ත ද?

​ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම්, ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි. උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම්, ඉහත සඳහන් වේගයෙන් ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම්, ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක් ගත වේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගත වේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3 යි විනාඩි 15 ක් ගතවන අතර, වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4 ක් ද, වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා පැය 5 යි විනාඩි 30 ක් ගත වනු ඇත.

​එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසැලකිල්ල නිසා වූවක් නොවේ ද?

​ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා “මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවක් නොව පුද්ගල ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය. ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්‍රකාශය සත්‍යයක් බව විශ්වාස කළ නොහැක.

​ගම්පොළ ප්‍රදේශයේ පිරිස් එක හඬින් ප්‍රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරියා නම් එලෙස සිදුවිය නොහැක. අනෙක, එම වේල්ල නොතිබුණේ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන තත්පරයට ඝන මීටර් 2720 ක ජල ප්‍රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ. එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම ක්‍රමයෙන් ඉහළ යෑමක් මිස එකවරම මීටර් දහයක විතර උස මහා ජල කඳක් කඩා වැටීම නොවේ. එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කර ගනිමින් එම ප්‍රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ.

​වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේ දීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලගුණික වාර්තාවලින් තහවුරු වී තිබියදී, ජලාශය පිරෙන තුරු බලා නොසිට එම තත්ත්වය පූර්වාවලෝකනය කොට, ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්‍රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි. ගංවතුර පාලනය කරන්නේ එලෙසයි. නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය. විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යෑම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ. එම නිසා එම පූර්වයෙන් ප්‍රමාණවත් ලෙස ජලය හිස් කිරීම සිදු නොකිරීමට නිදහසට කරුණක් නොවේ. ප්‍රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්‍රදේශ නිර්ණය කොට ඒ ප්‍රදේශවලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි. එසේ නොකොට මිනිස් ජීවිත නැතිවන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම, එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 293 සමග කියවිය යුතු 294 (ඈ) වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක.

​293 වගන්තියේ දැක්වෙන්නේ, තමන් කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.

​එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ, අන්තරාය කොපමණ ආසන්න ද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක් සිදු විය හැකි බව ක්‍රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට එම ක්‍රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

​2005 වසරේ දී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථයේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මඟින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මඟිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්‍රියාවත්, කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමඟ ක්‍රමයෙන් විවෘත නොකිරීමත්, ජලයෙන් යටවිය හැකි ප්‍රදේශවල ජනතාව ඊට ප්‍රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත්, මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මඟින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්‍රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ.

​වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ඉරා අදුරුපට