වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා සඳහන් කළේ 2025 වසර සඳහා මුදල් අමාත්‍යාංශය මඟින් රේගුවට ලබාදී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් බවයි.
ඒ අනුව නොවැම්බර් මාසය වන විට එම ආදායම ඉක්මවූ ආදායමක් රැස් කිරීමට රේගුවට හැකි වූ බව ඔහු සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නොවැම්බර් මාසය වන විට මෙම ආදායම රුපියල් බිලියන 2115 සිට රුපියල් බිලියන 2231ක් දක්වා සංශෝධනය කළ බවයි.
කෙසේවෙතත් එම සංශෝධිත ඉලක්කයද මේ වන විට ඉක්මවා ගොස් තිබෙන බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.