මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ( 25) බෙලිඅත්තේ අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගෙන තිබූ මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුතු යෝෂිත රාජපක්ෂ මහතා හෙට (27 ) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.අලුත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනී මහත්මිය ඉදිරියට පමුණුවනු ලැබූ සැක කරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක වටිනාකමින් යුත් නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරනු ලබන විමර්ශනයකට සම්බන්ධව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබූ අතර ඒ සම්බන්ධ විමර්ශන තව දුරටත් සිදු කරමින් පවතී.