රත්කිඳ ජලා­ශයේ වාන් දොරටු 3ක් අරී

උල්හි­ටිය-රත්කිඳ ජලා­ශයේ වාන් දොරටු තුනක් විවෘත කළ බව මාපා­කඩ කාර්ය­භාර ඉංජි­නේරු තිස්ස රාජ­රත්න මහතා පවසනලදි.

උල්හි­ටිය-රත්කිඳ ජලා­ශයේ එක් වාන් ගේට්ටු­වක් මීටර් 0.3ක් බැගින් ද, අනෙක් වාන් ගේට්ටු දෙක මීටර් 0.2ක් බැගින් ද විවෘත කර තිබෙන බැවින් ජන­තා­වට අව­ධා­න­යෙන් සිටින ලෙස ඒ මහතා දැනුම්දෙයි.

2025 යල කන්න­යට මහ­වැලි සී කලා­පය සඳහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරීම අව­සන් වී ඇති අතර, ජලා­ශයේ අත්‍ය­වශ්‍ය හදිසි නඩත්තු කට­යු­ත්තක් සඳහා ජල මට්ටම අඩු කර ගැනී­මට මෙසේ වාන් දොරටු විවෘත කර තිබේ. ඉන් ගිරා­දු­රු­කෝට්ට, රත්කිඳ මාර්ගයේ කෝසුව භාවිත කිරී­මට බාධා­වක් නොවන බව එහි කාර්ය­භාර නිල­ධාරී දීප්ත ජය­සේ­කර මහතා සඳ­හන් කරයි.

කාලීන පුවත්