රනිල් ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ;වකුගඩු ආබාධයක සංඥාවක්?

මේ වන විට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ඒකකයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයකට මාරු කරනු ලැබ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඩු සෝඩියම් මට්ටමකින්, ඉහළ ක්‍රියේටිනින් මට්ටමකින් සහ අධි රුධිර පීඩනයකින් පෙළෙන බව හෙළි වී ඇතැයි කොළඹ ජාතික රෝහල වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රදීප් විජේසිංහ මහතා ප්‍රකාශ කරයි. ඉහළ ක්‍රියේටිනින් මට්ටමක් යනු වකුගඩු ආබාධයක් මුල් කොට ගත් ලක්ෂණයකි. බන්ධනාගාර රෝහල මගින් සිදු කරන ලද මූලික පරීක්ෂණවලින් ඒ මහතා අධි රුධිර පීඩනයකින් පෙළෙන බව අනාවරණය වී ඇති අතර, වැඩිදුර විශේෂිත පරීක්ෂණ සඳහා අවශ්‍ය පහසුකම් නොමැති නිසා ඔහු ඊයේ (23) ජාතික රෝහලට මාරු කොට ඇති අතර.ඔහුගේ වයස සහ වාර්තාගත රෝගී තත්ත්වයන් සලකා බලා, පළමු පැය 24 දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමට තීරණය කර ඇත.මේ වන විටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ වැඩබලන අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර අමුත්තන්ට ඔහු බැලීමට පැමිණීම ද මේ වන විට අත්හිටුවා ඇතැ‍යි ද වාර්තා වේ.

කාලීන පුවත්