රාජාංගනය, අංගමුව සහ කලාඔය ජලාශ අවට ජනතාවට දැනුම්දීමක්

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහායි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංගමුව ජලාශයේද වාන් මට්ටමට ළඟා වෙමින් පවතින බැවින් එහි දොරටුද විවෘත කිරීමට සිදුවිය හැකි බවයි.

ඒ අනුව මේ සම්බන්ධව කලාඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතවට දැනුම් දී තිබේ.

කාලීන පුවත්