රාමසාන් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
සියලු අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ පෙබරවාරි මස 19වනදා සිට මාර්තු මස 21වෙනිදා දක්වා රාමසාන් උත්සවය සමයේ මුස්ලිම් රාජ්‍ය නිලධාරීන්ට යාඥා සහ ආගමික කටයුතු සඳහා චක්රලේකයේ සඳහන් පරිදි අවස්ථාව ලබා දෙන ලෙසයි.
හැකි සෑම අවස්ථාවකදීම එම නිලධාරීන්ට ආගමික වතාවත්වල යෙදීමට හැකිවන පරිදි වැඩ මුර සකස් කර දිය යුතු අතර නොවැලැක්විය හැකි අවස්ථාව ල විශේෂ නිවාඩු අනුමත කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.