ලෝකයේ වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් ජීවත්වන රට හැටියට ජපානය මේ වසරේත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. මෙයට අදාල නිවේදනයක් මෙයට දින කිහිපයකට පෙර එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබුණා. එම නිවේදනයට අනුව සැප්තැම්බර් 1 වැනි දින වනවිට ජපානයේ සිටින වයස අවුරුදු 100 ට වැඩි පුද්ගලයන් ගණන ලක්‍ෂයකට ආසන්න යි. නිශ්චිතවම කිවහොත් එම සංඛ්‍යාව 99,763 ක්. ජපානය මේ වසරේ මෙම වාර්තාව පිහිටුවන්නේ පසුගිය වසරේත් ඔවුන් විසින්ම පිහිටුවනු ලැබ තිබූ වාර්තාව අලූත් කරමිනු යි. 2024 වසරේ සැප්තැම්බර් 1 වැනි දින වනවිට ජපානයේ සිටි අවුරුදු 100 ට වැඩි පුද්ගලයන් ගණන 95,119 ක්. පසුගිය වසර 55 පුරාම මෙම සංඛ්‍යාව අඛණ්ඩව වැඩි වෙමින් ඇති බව වාර්තා වෙනවා.
ජපානයේ මේ ආකාරයෙන් දීර්ඝායුෂ විඳින අය අතරින් වැඩි පිරිස කාන්තාවන් වීමත් විශේෂත්වයක්. පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළ 99,763 දෙනා අතරින් සියයට 88 ක්ම කාන්තාවන්. මෙය ඉතා විශාල ප‍්‍රතිශතයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. වයස අවුරුදු 100 ට වැඩි කාන්තාවන් ගණන 87,784 ක් වන අතර පිරිමින් ගණන 11,979 ක් පමණ යි.
‘ලෝකයේ වියපත්ම පුද්ගලයා’ යන ගිනස් වාර්තාවට බොහෝ අවස්ථාවල ජපාන ජාතිකයන් හිමිකම් කියන ආකාරයත් දැකගන්නට ලැබෙනවා.මේ වනවිට ජපානයේ සිටින වියපත්ම පුද්ගලයා ෂිගෙකො කගාවා නැමැති කාන්තාව යි. ඇයගේ වයස මේ වනවිට අවුරුදු 114 ක්. 1911 මැයි 28 යි ඇයගේ උපන් දිනය ලෙස සඳහන් වන්නේ. ඇතැම් වාර්තාවලට අනුව ආසියාවේම වියපත්ම පුද්ගලයාත් ඇය යි.
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වීමට ජානමය හේතුත් බලපානවා. එයට අමතරව ජපානය වැනි රටවල කාන්තාවන් අතර දුම්පානය, මත්පැන් පානය වැනි පුරුදු අඩු වීමත් තවත් හේතුවක් ලෙස ඇතැම් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම කාන්තාවන් ගේ ආහාර රටාවනුත් වඩාත් සෞඛ්‍ය සම්පන්න යි. රැකියා නිසා පිරිමින් කාන්තාවන්ට වඩා වැඩි මානසික වෙහෙසකට, ආතතියකට ගොදුරු වීම පිරිමින් ගේ කෙටි ආයුෂට බලපාන තවත් හේතුවක් ලෙස සැලකෙනවා.
‘ලෝකයේ වියපත්ම පුද්ගලයා’ යන ගිනස් වාර්තාවට බොහෝ අවස්ථාවල ජපාන ජාතිකයන් හිමිකම් කියන ආකාරයත් දැකගන්නට ලැබෙනවා.
මේ වනවිට ජපානයේ සිටින වියපත්ම පුද්ගලයා ෂිගෙකො කගාවා නැමැති කාන්තාව යි. ඇයගේ වයස මේ වනවිට අවුරුදු 114 ක්. 1911 මැයි 28 යි ඇයගේ උපන් දිනය ලෙස සඳහන් වන්නේ. ඇතැම් වාර්තාවලට අනුව ආසියාවේම වියපත්ම පුද්ගලයාත් ඇය යි.
කලක් වෛද්‍යවරියක ලෙස කටයුතු කළ ඇය මේ වනවිට ජපානයේ නාරා නැමැති ප‍්‍රදේශයේ පිහිටි යමාටෝකොරියාමා නැමැති නගරයේ ඇගේ පවුලේ අයත් සමග ජීවත්වන බව සඳහන්.
වෛද්‍යවරියක ලෙස කගාවා ඉතා කි‍්‍රයාශීලී ජීවිතයක් ගත කර ඇති බවයි පෙනෙන්නේ. මෙයත් ඇයගේ නිරෝගි බවට සහ දීර්ඝායුෂට හේතුවක් වන්නට ඇති. වෛද්‍යවරියක ලෙස කටයුතු කරද්දී ග‍්‍රාමීය ප‍්‍රදේශවල රෝගීන් බැලීම සඳහා දුෂ්කර මාර්ගවල ඇය නිතර පයින් ගමන් කළ බව පැවසෙනවා.
ඇයගේ ආහාර රටාව ගැනත් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබෙනවා. ඇය සමබර සහ කුඩා ආහාර වේල් තුනක් දිනකට ගන්නා බවයි පැවසෙන්නේ. එමෙන්ම නින්දට යන වේලාව සහ අවදි වන වේලාව ගැනත් කගාවා විශේෂ සැලකිල්ලක් දක්වනවාලූ. හැමදාම නිශ්චිත වේලාවක නින්දට යාමටත්, නිශ්චිත වේලාවක අවදි වීමටත් ඇය පුරුදු වී සිටින බව සඳහන්.

ජපන් ජාතිකයන් ලෝකයේ වෙනත් රටවල මිනිසුන්ට වඩා දීර්ඝායුෂ භුක්ති විඳීමේ රහස කුමක්ද යන්න නිතර කතාබහට ලක්වන කාරණයක්. ජානමය වශයෙන් ඔවුන්ගේ ඇති විශේෂතා මෙයට එක් හේතුවක් බවටත් අදහස් පළවෙනවා. මිනිසෙකුගේ ආයු කාලයට ජානමය සාධක සියයට 20 කින් 30 කින් පමණ බලපාන බව පර්යේෂණවලින් අනාවරණය තිබෙනවා.
සාමාන්‍යයෙන් ජපන් ජාතිකයන්ගේ රුධිරයේ එච්.ඞී.එල් (HDL) කොලස්ටරෝල් හෙවත් හොඳ කොලස්ටරෝල් ඉහළ ප‍්‍රමාණයක් අඩංගු වන බවත් හෙලි වී තිබෙනවා. මෙයත් ජානමය බලපෑම් නිසා සිදුවන්නක් බවයි විශ්වාස කෙරෙන්නේ. රුධිරයේ හොඳ කොලස්ටරෝල් වැඩි වූ විට කෙනෙකු හෘද රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු යි.
මිනිසුන්ගේ දීර්ඝායුෂට බලපාන FOXO 3- නැමැති ජානයක් ජපානයේ බොහෝ දෙනා තුළ දක්නට ඇති බවත් සඳහන්. මෙම ජානය ‘දීර්ඝායු ජානය’ යනුවෙනුත් හැඳින්වෙනවා. වයසට යාමේ දී ඇති වන රෝගාබාධවලින් කෙනෙකු ආරක්‍ෂා කිරීමට මෙම ජානයට හැකියාව ඇති බව පැවසෙනවා. මෙම ජානය ඇති අය මානසික ආතතිය වැනි තත්වයන්ට ගොදුරු වන්නේත් අඩුවෙන් බවයි සඳහන් වන්නේ.
ජපාන ජාතිකයන් දීර්ඝායුෂ විඳීමට බලපාන්නේ මෙවැනි ජානමය හේතු පමණක් නොවෙයි. තවත් බොහෝ සාධක එ් පිටුපස ඇති බව විශ්වාස කෙරෙනවා. ජපනුන් ගේ ආහාර රටාව එ් අතරින් ප‍්‍රධාන සාධකයක් ලෙසයි සැලකෙන්නේ. ඔවුන් එළවළු, පලතුරු, මාලූ, මුහුදු පැලෑටි ආදිය වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. මේවා ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර බව රහසක් නොවෙයි. මාලූවල ඇති ඔමේගා 3 නැමැති හිතකර මේදය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බෙහෙවින් දායක වෙනවා. ජපාන ජාතිකයන් ශරීරයට අහිතකර සංතෘප්ත මේද අඩංගු ආහාර අනුභව කරන්නේත් අඩුවෙන්.
ජපාන ජාතිකයන් දීර්ඝායුෂ විඳීමට බලපාන්නේ මෙවැනි ජානමය හේතු පමණක් නොවෙයි. තවත් බොහෝ සාධක එ් පිටුපස ඇති බව විශ්වාස කෙරෙනවා. ජපනුන් ගේ ආහාර රටාව එ් අතරින් ප‍්‍රධාන සාධකයක් ලෙසයි සැලකෙන්නේ. ඔවුන් එළවළු, පලතුරු, මාලූ, මුහුදු පැලෑටි ආදිය වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. මේවා ඉතා සෞඛ්‍ය සම්පන්න ආහාර බව රහසක් නොවෙයි. මාලූවල ඇති ඔමේගා 3 නැමැති හිතකර මේදය සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට බෙහෙවින් දායක වෙනවා. ජපාන ජාතිකයන් ශරීරයට අහිතකර සංතෘප්ත මේද අඩංගු ආහාර අනුභව කරන්නේත් අඩුවෙන්.
වයසට ගියත් ජපානයේ මිනිසුන් බොහෝ දුරට කි‍්‍රයාශීලී ජීවිත ගත කරන බවත් ප‍්‍රසිද්ධ කාරණයක්. ව්‍යායාමවලට, ගෙවතු වගාව වැනි කි‍්‍රයාකාරකම්වලට මේ වැඩි දෙනෙකු කැමැත්තක් දක්වනවා. කණ්ඩායම් වශයෙන් සෑදී ව්‍යායාම කිරීමටත් ඔවුන් පුරුදු වී සිටින බව සඳහන්. වියපත් උදවිය ඉලක්ක කරගත් ව්‍යායාම වැඩසටහන් එරට රූපවාහිනි නාලිකාවලින් ද දිනපතා විකාශය වෙනවා.
ජපාන ජාතිකයන් සමාජශීලී ජීවිත ගත කිරීමටත් ලොකු කැමැත්තක් දක්වන පිරිසක්. එ් නිසා තනිකම, පාලූව වැනි සෘණාත්මක මානසික තත්වයන්ට ඔවුන් ගොදුරු වන්නේ අඩුවෙන්.
නිහාල් පීරිස්