වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත්

දිවයින පුරා පවතින පහළ වායු ගෝලයේ කැලඹිලි සහගත තත්ත්වය හෙට (25) දිනයේදී අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකියි.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසුව මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද ඇති විය හැකියි.

කාලීන පුවත්