වික්ටෝරියා ජලාශය අසාමාන්‍ය ලෙස සිඳී යයි

ශ්‍රී ලංකාවේ ජල විදුලි පද්ධතිය හා සම්බන්ධ ප්‍රමුඛ ජල මූලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ලෙස හදිසියේ සිඳී යමින් පැවතීම මුල් කොට බොහෝ දෙනකුගේ අවධානය ඒ වෙත යොමු වී තිබේ.

වික්ටෝරියා ජලාශය බාර ප්‍රධාන ඉංජිනේරුවරයා සඳහන් කරන්නේ මාර්තු අප්‍රේල් මාස වල දී වාර්තා වන ජලාශයේ අවම ජල මට්ටම මෙවර අසාමාන්‍ය ලෙස ජනවාරි මැද භාගයේ දී වාර්තා වෙමින් ඇති බවයි.

මේ අතර පේරාදෙණි විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරන්නේ හුණුගල් ආශ්‍රිත ජලාශ පෘෂ්ඨ‍යේ කිසියම් පැල්මක් තුළින් ජලය කාන්දු වීමක් බොහෝ විට සිදු විය හැකි බවකි.

මීට පෙර ද වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව වරින් වර ඇති වූ භූ කම්පන අධ්‍යයනය සඳහා පත්කර කමිටුවෙන් ද පුළුල් ව ඒ ගැන සඳහන් කර තිබූ බව ද ඔහු පැවසීය.

කාලීන පුවත්