විනයක් නැති රියදුරන් ගැන පොලීසියට කියන්න ඇප් එකක්

පොදු ප්‍රවාහන සේවයේදී බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ඊයේ(01) සිට තදින්ම ක්‍රියාත්මක කර තිබේ. සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් සඳහන් කළේ සෑම දිනකම උදෑසන 6.00 සිට 09.00 දක්වාත් පස්වරු 4.00 සිට රාත්‍රී 7.00 දක්වාත් මෙම විශේෂ මංතීරු වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මෙම නීතිය නොපිළිපදින රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු කියා සිටියි.මේ අතර ශ්‍රී ලංකා පොලීසිය විසින් E-traffic නමින් නව විද්‍යුත් මෙවලමක් හඳුන්වා දී තිබේ.

https://srilanka-etraffic-app.vercel.app/

මාර්ග නීති කඩ කරමින් අනීතික ලෙස රිය පදවන රියදුරන්ගේ ඡායාරූපයක් හෝ වීඩියෝවක් ගෙන මෙම මෙවලම හරහා පොලිස් මූලස්ථානයට යොමු කළ හැකි බව සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් වැඩිදුරටත් සඳහන් කරයි.

පොලිස් අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙමඟින් අනීතික ලෙස රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි බවයි.  එමෙන්ම මේ වන විට මෙම මෙවලම මෙරට පුද්ගලයන් 13,000ක් පමණ භාගත කර තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්