අගෝස්තු මස 10වනදා පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්රණ, දේශන සහ වැඩමුළු අවසන් කළ යුතු දිනය විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
එම නිවේදනයේ සඳහන් වන්නේ අගෝස්තු මස 06වනදා මධ්‍යම රාත්‍රියේ සිට එම කටයුතු තහනම් බවයි.ශිෂ්‍යත්ව විභාගය අවසන් වනතුරු විභාගයට අදාළ උපකාරක පංති, ප්‍රශ්න පත්‍ර බෙදීම්, සම්මන්ත්රණ, දේශන සහ වැඩමුළු සියල්ල තහනම් බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වෙයි.