විමල්ගේ වත්කම් මිලියන 75ක් වුණේ කොහොමද?පූර්ව නඩු විභාගය සැප්:13 දා

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින අතරේ සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් හා මුදල් උපයාගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කොට ඇත.මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවා තිබිණ.එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සදහා සැප්තැම්බර් 13 වනදා කැඳවන ලෙසය.නඩුව පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් ලෙස සාක්ෂි හා ලේඛන පැමිණිලිකාර පාර්ශවය විසින් ගොනු කර තිබේද? යන්න මෙම පූර්ව නඩු විභාගයේදී කරුණු සලකා බැලීමට නියමිතය.

කාලීන පුවත්