විශේෂ ඩෙංගු මර්දන සතියක්

ලබන දහනවවැනිදා සිට (19) කොළඹ, මහනුවර, ගම්පහ, රත්නපුර, කළුතර ඇතුළු දිස්ත්‍රික්ක දොළහක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අනූපහක (95) විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශය පත්කර තිබේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේ ඩෙංගු ශීඝ්‍ර ව්‍යාප්තිය සමග මෙසේ ඩෙංගු මර්දන විශේෂ සතියක් ප්‍රකාශය පත්කර ඇති බවයි. මේ මාසයේ ගතවූ දින දොළහට පමණක් ඩෙංගු රෝගීන් 2178කු වාර්තා වී තිබේ. එසේම මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 19724කු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මාර්දන ඒකකය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණය මෙසේ ඩෙංගු රෝගින් වැඩිවීමට එක් හේතුවක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

කාලීන පුවත්