ශ්‍රී ලංකා – එංගලන්ත පළමු සටන අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය අද (22) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම 2026 වසරේ ක්‍රීඩා කරන පළමු එක්දින තරගාවලිය ලෙස අද ආරම්භ වන එංගලන්තයට එරෙහි තරගාවලිය වාර්තා වෙයි.

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස චරිත් අසලංක සහ එංගලන්ත කණ්ඩායමේ නායකයා ලෙස හැරී බෘක් කටයුතු කිරීමට නියමිතයි.

කාලීන පුවත්