පොත් මත පනවා ඇති 18% VAT බදු හේතුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිල අඩු කිරීමට බාධා මතුවී ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ඒ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදීයි. පොත් මත පනවා ඇති VAT බදු අඩු කරන ලෙස රජයෙන් ඉල්ලමින් පෙත්සමක් අත්සන් කිරීම සඳහා මහජනතාවට ආරාධනා කරන බව ඔවුන් එහිදී සඳහන් කරයි.
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 27වනදා සෙනසුරාදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.