ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කොට ඇති බෙලිහුල්ඔය සමනලවැව ජලාශයෙන් උඩවලව ජලාශයට ජලය මුදා හරින ලෙස ඉල්ලමින් ගොවීන් පිරිසක් විසින් අද(05) සමනල වැව ජලාශය අසලට පැමිණ විරෝධතාවක් පැවැත්වූහ.එහිදී සමනල වැවේ ජල ධාරිතාව පරීක්ෂා කිරීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමත් සමග ආරක්ෂක අංශ සමග උණුසුම් තත්වයක් ඇති විය.උඩවළවේ ජලාශයට සමනල වැවෙන් ජලය නිදහස් කරන ලෙසට තමන් කරන ඉල්ලීම අතිශය නිත්‍යානුකූල බවත් ඕනෑම ගංගාවක ජලය යොදාගනිමින් ඉදිකර ඇති වාරිමාර්ග යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකව තිබියදී එම ජලාශයට ඉහලින් ඒ ගංගාව ඇසුරු කොට ඉදිකරන ජලාශ වල ජලය භාවිතා කල යුත්තේ පැරණි වාරිමාර්ග යෝජනා ක්‍රමයට යම් ජල හිඟයක් ඇතිවුවහොත් ප්‍රමුඛතා පදනමින් ඉහල ජලාශයෙන් වතුර ලබාදිය යුතුය යන කොන්දේසිය යටතේ බවත් විරෝධතා කරුවෝ කියා සිටියහ.මේ නිසා උඩවලව ජලාශයට ජල හිඟයක් ඇති වන අවස්තාවලදී සමනල වැවෙන් ජලය නිදහස් කිරීමට වහා කටයුතු කළ යුතු බව විරෝධකරුවන් ගේ මතය විය.එහෙත්, ලංකා විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසනුයේ දැනට සමනල වැවේ ජල ධාරිතාව අනුව උඩවලවේ ජලාශයට ජලය නිකුත් කිරීම මත සමනලවැව ජල විදුලි උත්පාදන ක්‍රියාවලිය මුලුමනින්ම ඇනහිට සමස්ත දැනට පවත්නා නියං තත්වය ද මුල් කොට මුලු රටේම ජල විදුලි පද්ධතිය මුලුමනින්ම බිඳ වැටිය හැකි බවය.ඉන්පසු විකල්ප බල ශක්ති ප්‍රභවයන් සඳහා මුදල් රජය සතුව නොමැති වීමෙන් අතිශය බරපතල තත්වයක් පැන නඟින බව ද ඔවුහු පෙන්වා දෙති.එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සමනලවැව ජලාශ පරිශ්‍රයට අනවසර ඇතුළු වීමට විරෝධතාකරුවන්ට ඉඩ නොදීම මත විරෝධතා කරුවන් හා පොලීසිය අතර ගැටුමක් ඇති විය.