ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය, විශේෂයෙන්ම සම සුදු කරන නීති විරෝධී ආලේපන වෙළෙඳපොළෙන් ඉවත්කිරීම බලාත්මක කිරීම සඳහා වන නව රූපලාවණ්‍ය පනත් කෙටුම්පතක් මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඉකුත් 17 වන දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කොට තිබේ.එය ඉතා වැදගත් කාලීන සමාජමය අවශ්‍යතාවක් බව සියල්ලටම පළමුව පෙන්වා දිය යුතු ය.එහි දී අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය වරිය සඳහන් කොට ඇත්තේ මෙම පනත සම්මත වීමෙන් පසු නීති විරෝධී ආලේපන භාවිතය සහ අලෙවිය සපුරාම තහනම් වනු ඇති බවයි.පසුගිය වසර තුන තුළ පමණක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රූපලාවන්‍ය ආලේපන වර්ග 9,000ක් පමණ ලියාපදිංචි කර ඇති බව ද පැවසූ ඇය රසදිය වැනි විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු සම සුදු කරන ආලේපන දිගුකාලීනව භාවිත කිරීම දියවැඩියාව සහ වකුගඩු රෝග ඇතුළු බරපතළ රෝගාබාධ රැසකට හේතු විය හැකි බව ද අවධාරණය කළා ය.එමෙන්ම සම මත ආලේප කරන විෂ ද්‍රව්‍ය රුධිරයට එක්වී මුළු ශරීරයම රෝගී කරන බව ද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට වැඩි දුරටත් පවසා සිටියා ය.එමෙන්ම ගර්භණී මවුවරුන් මෙවැනි ආලේපන භාවිත කිරීමෙන්,මව් කුසේ ඇති කළලයට පවා අනිසි බලපෑම් ඇති කොට එම තත්වයන් ඉපදෙන දරුවාගේ කායික මානසික සංවර්ධනය අඩාල වීම හා ප්‍රමාද වීම සේම චර්යාත්මක අර්බුද ඇති වීම වැනි තත්වයන් හට ගත හැකි බවද ඇය එහි දී අවධාරණය කොට තිබේ.
රූපලාවණ්‍යාගාර තුළ සම සුදු කරන ආලේපන නිෂ්පාදනය කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බව අවධාරණය කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වරිය වෛද්‍ය එවැනි ස්ථානවලින් ලබාදෙන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයා සතු වගකීමක් බව ද කියා සිටියාය. ශාකසාර නිස්සාරක වලින් නිෂ්පාදනය කළද ඇතැම් ආලේපන ශරීරයට අහිතකර විය හැකි බැවින් ඕනෑම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් භාවිත කිරීමේදී පාරිභෝගිකයන් වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළා ය.

එමෙන්ම රූපලාවණ්‍යාගාර තුළ සම සුදු කරන ආලේපන නිෂ්පාදනය කිරීමට කිසිදු නීතිමය අවසරයක් නොමැති බව අවධාරණය කළ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වරිය වෛද්‍ය එවැනි ස්ථානවලින් ලබාදෙන නිෂ්පාදන ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයා සතු වගකීමක් බව ද කියා සිටියාය. ශාකසාර නිස්සාරක වලින් නිෂ්පාදනය කළද ඇතැම් ආලේපන ශරීරයට අහිතකර විය හැකි බැවින් ඕනෑම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් භාවිත කිරීමේදී පාරිභෝගිකයන් වඩාත් සැලකිලිමත් විය යුතු බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළා ය.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට අනාවරණය කළ අන්දමට ඉහත සඳහන් අන්දමේ කිසිදු නිෂ්පාදන ප්‍රමිතියක් නොමැති ශරීරයට අධික ලෙස විෂ සහිත ආලේපන වර්ග එක් දිනක් තුළ දිනකට ටොන් ගණනක් අලෙවි කෙරෙන බව නොරහසකි.හොර සල්ලි මුද්‍රණය කරන්නාක් මෙන් නිපදවෙන ඒවායේ නියමිත ප්‍රමිතිය ඉක්මවා රසදිය අඩංගු බව ද ප්‍රසිද්ධ රහසකි.මෙවන් ආලේපන සඳහා ලෝකයේ ප්රමුඛ පෙළේ ප්‍රමිති ආයතන මගින් අනුමත රසදිය ප්‍රමාණය වන කිලෝගෑමයකට රසදිය මිලිග්රෑමයේ සංයුතිය ඉක්මවා කිලෝගෑමයකට මිලිග්‍රෑම් 30000 යන අධි මාත්රාවලින් රසදිය අඩංගු බව ආලේපන මෙහි ඇති බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත.එක් ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයකින් වෙළඳ පොළෙහි ඇති සම පැහැපත් කිරීමට ගන්නා රූපලාවණ්‍ය නිෂ්පාදනයක මෙම රසදිය ප්‍රමාණය කිලෝගෑමයකට රසදිය මිලිග්‍රෑම් 9870 ක් අඩංගු බව සොයාගෙන ඇති අතර එම නිෂ්පාදනය යුරෝපා සංගමය මඟින්ම 2013 වර්ෂයේ සිට යුරෝපා වෙළඳපොළ තුළ තහනම් ලැබූ බවට වාර්තා පළ විය.නමුත් එනමින් යුතු ආලේපන වර්ගයක් අදටත් අප රටේ ජයටම අලෙවි කෙරේ.
රස දිය සේම වෙනත් අහිතකර රසායනික වර්ග මූණේ තවරා ගත් විට සමේ මතුපිට ස්වාභාවික වර්ණය ඉවත් වී මුහුණ වෙනස් පැහැයකින් දිස්වීම විකෘති තත්වයක් මිස රූපලාවණ්‍ය ප්රවර්ධනයක් නොවේ. එහෙත්,සැබැවින්ම එය එක්තරා අන්දමක විනාශකාරී තත්වයක් ද වෙයි.. රසදිය අන්තර්ගත රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය නිසා හටගෙන ඇති මාරාන්තික රෝගී තත්වයන් ද ඉහළ ගොස් ඇතත් ඒ බොහොමයකට හේතු එම බිහිසුණු ක්‍රියාව බව සනාථ කර ගත නොහැකි වී තිබේ.මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියට සිදුවන හානි නිසා ඇතිවන මානසික ව්‍යාකූලතා හා මතක ශක්තිය බිඳ වැටීම,මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්රිත සංකූලතා නිසා සිදුවන අතපය, මුඛය අවට ප්‍රදේශවල සිදුවන ස්නායු ආබාධ ශ්‍රව්‍ය හා කථන දුබලතා.වකුගඩු අකර්මන්‍යතා ගර්භනී සමයේදී කළලයට හානි ගබ්සා වීම් සහ මළ දරු සහ විකෘති දරු උපත් ඇති වීමේ වැඩි සම්භාවිතාව ඒ අතුරින් විද්‍යාත්මකව තහවුරු වී ඇති එහි අනිටු ප්‍රතිඵල අතුරින් කිහිපයක් පමණි.නමුත් මේ දක්වාම සුවඳ විලවුන් සහ ආලේපන පිළිබඳ නීති පද්ධතින් බිඳ වැටීම නිසා මේවා නිෂ්පාදනයට ආනයනයට සහ අලෙවියට එරෙහි ව ගත හැකි නීතිමය ක්‍රියා මාර්ග නොමැති වීම මත අද වන විට ඊටත් වඩා බරපතල වස විස සහිත සුදු වීමේ ආලේපන ටොන් ගණන් විවිධ ක්‍රම මගින් නිතිපතා වෙළඳ පළට එක් වනු දක්නට ලැබේ. ඒ අනුව එය මත්ද්‍රව්‍ය වලින් සිදුවන සමාජ ව්‍යසනයට වඩා අඩු බවක් අපට නම් නොහැඟේ. එමෙන්ම යම් නිෂ්පාදනයක් හර්බල් හෙවත් ශාකසාර ලෙස හැඳින් වූ පමණින් එය ශරීරයට අහිතකර නොවන බවට දුර් මතයක් වත්මක් සමාජය පුරා පැතිර ගොස් තිබේ.මෙම ශාකසාර සංකල්පය ප්‍රවර්ධනය කූට වාණිජෝපායක් බව ද පෙනේ.නමුත් කජු කිරි ද 100%කම් ශාකසාර ද්‍රාවනයක් බව සිතා ගැනීමෙන් මෙම මිථ්‍යාවේ තරම ඔබට වටහා ගත හැක.
මේ අතර් එක්තරා වෙළඳ නාමයකින් යුතු රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදන,නීත්‍යානුකූල අයිතියක් නොමැතිව විකිණීම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ ඉහළම පෙළේ වෙළඳ ආයතන දෙකක කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු පොලිස් වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබේ.
මෝස්තර නිරූපිකාවක වන සමාජ ආන්දෝලනයට ලක් වූ කාන්තාවක කෝටි ප්‍රකෝටි ගණනක ධනස්කන්ධයක් උපයා ගැනීම මත ඇය මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක ලෙස පසුගිය දා සුවිසල් කතා බහක් ඇති විය.එහෙත්’ ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කොට සිටියේ තමන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහිත නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් ඒ මුදල උපයා ගත් බවකි. ඇගේ එම ප්‍රකාශය කොතෙක් දුරට සත්‍ය ද යන්න අපි නොදනිමු.එහෙත් ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලෙසින් වස විස අලෙවි කිරීම මත්ද්‍රව්‍ය අලෙවියටත් වැඩි ලාභයක් හිමි කෙරෙන සේම වටිනා මිනිස් ජීවිත අකාලයේ මරු තුරුළට යවන බිහිසුණු ජාවාරමක් හෙවත් මාරයා ගේ සෙල්ලමක් බවකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ මුල් පෙළේ වෙළඳායතනයක ප්රදර්ශනාගාර කළමනාකරු වන 51 හැවිරිදි, දළුගම, ජොනික් වත්තෙහි පදිංචි පුද්ගලයකු හා එම ආයතනයේ සැපයුම් කළමණාකරු වන ඥානමලී මාවත, මාකොළ පදිංචි 51ක් හැවිරිදි අයකු හා අනෙක් ආයතනයේ කළමනාකරු වන කඩවත පදිංචි පුද්ගලයෙකි. මෙලෙස අත් අඩංගුවට පත් සෙසු සැකකරුවන් දෙදෙනා වන්නේ ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය නිෂ්පාදනය කළ ආයතනයේ සේවයේ නිරත පහල බියන්විල කඩවත පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු හා එම ව්‍යාපාරයට සම්බන්ධ ඉහල කරගහමුණ පදිංචි 25 හැවිරිදි අයෙකි.
මේ අතර මෝස්තර නිරූපිකාවක වන සමාජ ආන්දෝලනයට ලක් වූ කාන්තාවක කෝටි ප්‍රකෝටි ගණනක ධනස්කන්ධයක් උපයා ගැනීම මත ඇය මත් ද්‍රව්‍ය ජාවාරම් කාරියක ලෙස පසුගිය දා සුවිසල් කතා බහක් ඇති විය.එහෙත්’ ඒ සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කොට සිටියේ තමන් රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහිත නිෂ්පාදනයක් අලෙවි කිරීමෙන් ඒ මුදල උපයා ගත් බවකි. ඇගේ එම ප්‍රකාශය කොතෙක් දුරට සත්‍ය ද යන්න අපි නොදනිමු.එහෙත් ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ ප්‍රමිතියෙන් තොර රූපලාවණ්‍ය ද්‍රව්‍ය ලෙසින් වස විස අලෙවි කිරීම මත්ද්‍රව්‍ය අලෙවියටත් වැඩි ලාභයක් හිමි කෙරෙන සේම වටිනා මිනිස් ජීවිත අකාලයේ මරු තුරුළට යවන බිහිසුණු ජාවාරමක් හෙවත් මාරයා ගේ සෙල්ලමක් බවකි.
මෙවන් අර්බුදකාරී පසුබිමක් යටතේ සම සුදු කරන නීති විරෝධී ආලේපන වෙළෙඳපොළෙන් ඉවත්කිරීම බලාත්මක කිරීම සඳහා වන නව රූපලාවණ්‍ය පනත් කෙටුම්පතක් මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට ඉකුත් 17 වන දා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය එම විනාශය මුළිනුපුටා දැමීම සම්බන්ධ අතිශය වැදගත් පුරෝකථනයක් බව අපි දු එක හෙළාම පිළිගනිමු.
රේණුකා දමයන්ති