2024/2025 තක්සේරු වර්ෂය සඳහා අවසාන ආදායම් බදු ගෙවීම් එළඹෙන සැප්තැම්බර් 30 හෝ ඊට පෙර සිදු කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සියලුම බදු ගෙවන්නන්ට දනුම්දී තිබේ.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෙවීම් පත්රිකා ලැබෙන තුරු බලා නොසිට නියමිත බදු මුදල මාර්ගගත බදු ගෙවීම් පහසුකම (OTPP) මඟින් ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි බවයි.
එමෙන්ම බදු නොගෙවීම හෝ ප්රමාදවී ගෙවීම් සඳහා පනවන දඩ සහ පොළී කිසිවිටෙක ඉවත් කිරීම හෝ අඩු කිරීම සිදු නොකරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.