සිලි බෑග් බද්දක්

සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල පවසනලදි.

මෙහිදී සුපිරි වෙළෙඳසල්වලින් සිලි මලු නොමිලේ ලබාදීමක් සිදු නොවන බවත්, ඊට මිලක් නියම කෙරෙන බවත් ඔහු සදහන්කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියි.

කාලීන පුවත්