ප්‍රවීණ මාධ්‍යවේදී සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව NOT OUT 36′ ග්‍රන්ථය හෙට ( 29) වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ජනගත කිරීමට නියමිතයි.
මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උළෙල එදින සවස 3.30 සිට 4.30 දක්වා පැවැත්වෙන අතර, ඒ සඳහා මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය දේශන පැවැත්වීමට නියමිතයි.
උත්සව සභාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි.
’මානිගේ තීරුව NOT OUT 36’ යනු ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියැවී ඇති සිංහල පුවත්පත් තීරුව වන සුන්දර නිහතමානී ද මෙල් විසින් රචිත ‘මානිගේ තීරුව’ දිගුවකි.
වසර 2018 සිට 2025 දක්වා කාලය තුළ ලියැවුණු ‘මානිගේ තීරුව’ ලිපි අසුවක් (80) මෙහි අන්තර්ගත කර ඇති අතර, මෙය සරසවි ප්රකාශනයකි.