සුරාසැල් වැසෙන දින ගැන දැනුම්දීමක්

අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සියලුම සුරාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ. ඒ. රොෂාන් පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

ඒ එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන්.එම නිවේදනයේ සඳහන් වන්නේ මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබාගෙන ඇති සියලුම ස්ථාන අදාළ දින දෙකේදී වසා තැබිය යුතු බවයි.

එමෙන්ම රටබීම හල්, සුරාසල්, හෝටල් හා ආපනශාලා, කැරෝකි ආපනශාලා කිසියම් බලපත්‍රලාභියෙක් මෙම නියෝගය උල්ලංඝනය කරමින් අලුත් අවුරුදු දිනවල මත්පැන් අලෙවි කළහොත් ඔවුන්ට එරෙහිව සුරාබදු නීතිය යටතේ දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

කාලීන පුවත්