
පසුගිය සති කිහිපය තුළ, ජාත්‍යන්තර පොලිසිය (Interpol) සහ විදේශීය පොලිස් දෙපාර්තමේන්තුවල සහාය ඇතිව, විදේශගතව සැඟවී සිටි ඉහළ පෙළේ අපරාධකරුවන් කිහිප දෙනෙකු එම රටවල පොලිස් දෙපාර්තමේන්තුවල සහාය ඇතිව අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට පොලිස් නිලධාරීහු ක්‍රියා කළහ.
මෙම සාර්ථක මෙහෙයුම්වල කැපී පෙනෙන ඉතා මෑත උදාහරණයක් ලෙස නේපාලයේ සිදුවූ සිද්ධියක් දැක්විය හැකිය. එහිදී, ගණේමුල්ල සංජීව ලෙස ප්‍රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්න ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව මෙරටට පිටුවහල් කරන ලදී.
මෙම සාර්ථක මෙහෙයුම්වල කැපී පෙනෙන ඉතා මෑත උදාහරණයක් ලෙස නේපාලයේ සිදුවූ සිද්ධියක් දැක්විය හැකිය. එහිදී, ගණේමුල්ල සංජීව ලෙස ප්‍රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්න ඝාතනයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකු නේපාල පොලිසිය සමඟ සම්බන්ධීකරණය කරන ලද විශේෂ මෙහෙයුමකින් පසුව මෙරටට පිටුවහල් කරන ලදී.
ඔවුන් අතර, 2024 පෙබරවාරි මාසයේදී අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දී සිදුවූ සංජීවගේ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි වීරසිංහ ද විය. ඉෂාරා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ (Red Notice) සිටි අයෙකි. එම නිසා ඇය නේපාලය ඇතුළු සාමාජික රටවල් විසින් ජාත්‍යන්තරව ලුහුබැඳීමට ලක් විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා වූයේ ඉෂාරා සෙව්වන්දි (26), ජීවතාසන් කනකරාසා (33), තක්ෂි නන්දකුමාර් (23), දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා (49), කෙනඩි බැස්තියම්පිල්ලේ (35), දිනේෂ් නිශාන්ත කුමාර වික්‍රමආරච්චිගේ (43) යන අයවලුන්ය.

මෙම සැකකරුවන් කත්මණ්ඩු සහ භක්තපූර් යන නගරවල කුලී නිවාසවල රහසිගතව ජීවත් වී ඇති අතර, බොහෝ විට ඉන්දීය ජාතිකයින් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කර ඇත. වාර්තා වන පරිදි, ඔවුන්ගෙන් දෙදෙනෙක් ගුවන් මාර්ගයෙන් නේපාලයට ඇතුළු වී ඇති අතර, ඉතිරි අය ඉන්දියාවේ සිට ගොඩබිම් මාර්ගයෙන් දේශ සීමාව තරණය කර ඇත.
ඔවුන් නේපාලයේ කිසිදු අපරාධයක් සිදු කර නොතිබුණ ද, නේපාල නීතියට අනුව ඔවුන් පිටුවහල් කිරීම සඳහා බලධාරීන් ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙකු තහවුරු කළේ, සැකකරුවන්ට දඩ මුදලක් නියම කර නේපාල පොලිස් අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා බලධාරීන්ට භාර දුන් බවයි.
මෙම ජාත්‍යන්තර අත්අඩංගුවට ගැනීම් පිටුපස ඇති සත්‍යය, අප ක්‍රියාදාම චිත්‍රපටවල දකින දේට වඩා බොහෝ පරිණත සහ යථාර්ථවාදී ය. බොහෝ දෙනෙකු සිතාගෙන සිටින ආකාරයට විවිධ අපරාධ සිදුකර ලෝකයේ විවිධ රටවලට පලායන්නන් පසුපස හඹා යන ගෝලීය “ජාත්‍යන්තර පොලිස් හමුදාවක්” නැත. ඒ වෙනුවට පවතින්නේ ජාත්‍යන්තර නීති රාමුව තුළ නිශ්ශබ්දව, වෘත්තීයමය වශයෙන් සහ නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පොලිස් සහයෝගිතා පද්ධතියකි. මේ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නා සහ වැරදි ලෙස අවබෝධ කර ගත් කාරණා තිබේ.
“ජාත්‍යන්තර පොලිසිය” යන වචනයෙන් බොහෝ විට මතකයට එන්නේ සෑම රටකම ශාඛා සහිත රහස් ගෝලීය පොලිස් බලකායකි. නමුත් එය ක්‍රියාත්මක වන්නේ එලෙස නොවේ. ජාත්‍යන්තර පොලිසිය (International Criminal Police Organization – Interpol) යනු සම්ප්‍රදායික අර්ථයෙන් ගත් කළ පොලිස් ආයතනයක් නොවේ. ඔවුන්ට අත්අඩංගුවට ගැනීම් හෝ වැටලීම් කළ හැකි නිලධාරීන් නැත. ඒ වෙනුවට, ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් 195ක පොලිස් බලකායන් සම්බන්ධ කරන ගෝලීය සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස මෙය කටයුතු කරයි.
ජාත්‍යන්තර පොලිසියේ මූලස්ථානය ප්‍රංශයේ ලියොන් හි පිහිටා ඇති අතර, එය ලොව විවිධ ප්‍රදේශවල කලාපීය කාර්යාල සහ සම්බන්ධීකරණ කාර්යාංශ පවත්වාගෙන යයි. සෑම සාමාජික රටක්ම තමන්ගේම ජාතික මධ්‍යම කාර්යාංශයක් (NCB) පවත්වාගෙන යන අතර මෙය ජාත්‍යන්තර පොලිසිය සහ දේශීය නීතිය ක්‍රියාත්මක කිරීම අතර ප්‍රධාන සම්බන්ධීකරණ ස්ථානයයි. ශ්‍රී ලංකාවේ, මෙය ශ්‍රී ලංකා පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර පොලිස් ජාතික මධ්‍යම කාර්යාංශය, කොළඹ (Interpol NCB Colombo) වේ.
ජාත්‍යන්තර පොලිසියේ කාර්යය වන්නේ ඍජුවම අපරාධකරුවන් අල්ලා ගැනීම නොව, විවිධ රටවල පොලිස් බලකායන් අතර තොරතුරු හුවමාරුව පහසු කිරීමයි. පලායන්නන්, සොරකම් කරන ලද දේපළ, සයිබර් අපරාධ, ත්‍රස්තවාදය, මිනිස් ජාවාරම සහ තවත් බොහෝ දේ පිළිබඳ දත්ත ක්ෂණිකව සහ ආරක්ෂිතව බෙදා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවලට ඉඩ සලසන දැවැන්ත සන්නිවේදන ජාලයක් ලෙස එය ක්‍රියාත්මක වේ.
සැකකරුවෙකු විදේශගත වී ඇති බව ශ්‍රී ලංකා පොලිසියට අනාවරණය වූ විට, ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සඳහා වෙනත් රටකට නිලධාරීන් යවන්නේ නැත. ඒ වෙනුවට, ඔවුන් සියලු අදාළ සාක්ෂි රැස්කර, නීතිමය පසුබිමක් සකස් කර, ජාත්‍යන්තර පොලිසිය හරහා උදව් ඉල්ලීමක් කරයි. මෙහිදී සාමාන්‍යයෙන් රතු නිවේදනයක් (Red Notice) නිකුත් කිරීම සිදුවේ.

රතු නිවේදනයක් යනු අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර මට්ටමේ වරෙන්තුවක් නොවේ. එහෙත්, එක්තරා ආකාරයකින් එය වරෙන්තුවකට යම් සමාන කමක්ද තිබේ. පිටුවහල් කිරීමක් අපේක්ෂාවෙන්, අවශ්‍ය පුද්ගලයෙකු සොයා ගැනීමට සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීමට ඉල්ලා, ජාත්‍යන්තර පොලිසිය විසින් සියලුම සාමාජික රටවල් වෙත යොමු කරන විධිමත් ඉල්ලීම එයයි.
සෑම රතු නිවේදනයකම සැකකරුගේ නම, ඡායාරූපය, ජාතිකත්වය, චෝදනා කරන ලද අපරාධ සහ අත්අඩංගුවට ගැනීමේ නීතිමය පදනම වැනි ප්‍රධාන තොරතුරු ඇතුළත් වේ. නිවේදනයක් නිකුත් කළ පසු, සැකකරු හඳුනා ගන්නා සාමාජික රටක ඕනෑම පොලිස් නිලධාරියෙකුට එම රටේ නීතිවලට අනුව ඔහුව රඳවා තබා ගත හැකිය.
සෑම රටකම පොලිසිය ක්‍රියා කරන්නේ ඔවුන්ගේම අධිකරණ බලය යටතේ බව මතක තබා ගැනීම වැදගත්ය. උදාහරණයක් ලෙස, ශ්‍රී ලාංකික පලායන්නෙකු නේපාලයේ සැඟවී සිටී නම්, භෞතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ ශ්‍රී ලංකා නිලධාරීන් නොව, නේපාල පොලිසියයි. නමුත් ඔවුන් එය කරන්නේ ජාත්‍යන්තර පොලිසිය සහ ශ්‍රී ලංකා ජාතික මධ්‍යම කාර්යාංශය හරහා පහසුකම් සපයන ලද තොරතුරු සහ සම්බන්ධීකරණය මත පදනම්වය.
කොළඹ පිහිටි ජාත්‍යන්තර පොලිස් ජාතික මධ්‍යම කාර්යාංශය යනු ජාත්‍යන්තර පොලිසියේ ගෝලීය ජාලයට ශ්‍රී ලංකාව සතු ඍජු සම්බන්ධයයි. ශ්‍රී ලංකාවේ අවශ්‍ය සැකකරුවෙකු විදේශගත වූ විට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් පරීක්ෂණ ඒකකයක් මගින් අදාළ තොරතුරු ජාතික මධ්‍යම කාර්යාංශය (NCB Colombo) වෙත යවයි. ඉන්පසු, කාර්යාංශය අධිකරණ වරෙන්තුවක් හෝ අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් මගින් සහය දක්වන ඉල්ලීමක් සකස් කර රතු නිවේදනයක් සඳහා ජාත්‍යන්තර පොලිසියට ඉදිරිපත් කරයි.
ජාත්‍යන්තර පොලිසිය එම නිවේදනය අනුමත කළ පසු, එය ලොව පුරා පොලිස් ආයතනවලට යැවීම සිදු වේ. ගුවන් ගමන් පාලන, ආගමන දත්ත හෝ දේශීය බුද්ධි තොරතුරු ඔස්සේ විදේශ රටක බලධාරීන්, පලාගිය තැනැත්තා හඳුනාගත් විට ඔවුන් එම පුද්ගලයා රඳවාගෙන ජාත්‍යන්තර පොලිස් නාලිකා හරහා ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකා බලධාරීන් රටවල් දෙක අතර ඇති නීතිමය ක්‍රියා පටිපාටි සහ ගිවිසුම් අනුගමනය කරමින් පිටුවහල් කිරීමක් විධිමත්ව ඉල්ලා සිටිය යුතුය. ඇතැම් පිටුවහල් කිරීම් ඉක්මනින් සිදු වීමටත්, තවත් ඒවාට මාස ගණනක් හෝ වසර ගණනක් ගත වීමටත් හේතුව මෙයයි. එය අදාළ රටේ නීති, සැකකරුගේ නීතිමය අභියාචනා සහ රාජ්‍යතාන්ත්‍රික විධිවිධාන මත රඳා පවතී.
බොහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නේ ක්‍රියාදාම චිත්‍රපටවල පෙන්වන පරිදි නිලධාරීන් මහාද්වීප හරහා දුෂ්ටයන් පසුපස හඹා යන ආකාරය මෙන් පොලිසියට ඍජුවම විදෙස්ගත වී සැකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවයි. නමුත් සැබෑ ලෝකයේ දී සත්කාරක රටෙන් නිසි අවසරයකින් තොරව එවැනි මෙහෙයුම් සිදු කිරීම නීති විරෝධීය. සෑම රටකටම තමන්ගේම ස්වෛරී අධිකරණ බලයක් ඇති අතර, ආරාධනා කළ හොත් හෝ විශේෂ නීතිමය අවසරයක් ලබා දුන්නොත් මිස, විදේශීය පොලිසියකට තවත් රටක් තුළ ක්‍රියාත්මක විය නොහැක. මේ අනුව බලන විට සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ සැබෑ ගෞරවය හිමි විය යුත්තේ කාටද යන කාරණය පැහැදිලිය.
“ශ්‍රී ලංකා පොලිසිය වෙනත් රටක සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා” යැයි අපට ඇසෙන විට, එයින් සාමාන්‍යයෙන් අදහස් වන්නේ ශ්‍රී ලංකා නිලධාරීන් බුද්ධි කටයුතු සහ සහයෝගීතාවය තුළින් පලාගිය තැනැත්තා හඳුනාගෙන සොයා ගත් බවත්, පසුව, ජාත්‍යන්තර පොලිසිය හරහා අදාළ රටේ පොලිසියට අත්අඩංගුවට ගැනීම සිදු කරන ලෙස ඉල්ලා සිටි බවත්ය.
සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ බවට විශ්වාස කෙරෙන මෙයට මාස කිහිපයකට පෙර ඉන්දුනීසයාවේ දී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ සහ ඔහුගේ සගයන් සහ නේපාලයේ දී ඉනෝකා සෙව්වන්දි ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම මෙම පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ කදිම උදාහරණ වේ. මෙම සිද්ධීන් දෙකම ඉස්මතු කරන්නේ ශ්‍රී ලංකා පොලිසියට, ඔවුන්ගේ ජාත්‍යන්තර පොලිස් කාර්යාංශය හරහා, ගෝලීය සහයෝගිතාව සහ නවීන තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් දේශසීමා ඉක්මවා කටයුතු කළ හැකි ආකාරයයි.
එවැනි සාර්ථකත්වයන් ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වෘත්තීයභාවය සහ ජාත්‍යන්තර බැඳීම වර්ධනය වෙමින් පවතින බවට මතක් කිරීමක් ද වේ. දශක ගණනාවකට පෙර, දේශසීමා හරහා අත්අඩංගුවට ගැනීම් දුර්ලභ හා සංකීර්ණ විය. අද වන විට, ඩිජිටල් දත්ත පද්ධති, ජෛවමිතික පද්ධති සහ ශක්තිමත් හවුල්කාරිත්වයන් සමඟින්, පලායන්නන්ට ලෝකයේ කොතැනකවත් සැඟවීමට අපහසු වී තිබේ.

අපරාධකරුවන්ට කෙටි පණිවිඩයක් යවන තරමට පහසුවෙන් දේශසීමා තරණය කළ හැකි යුගයක, කිසිදු පොලිස් බලකායකට හුදෙකලාව වැඩ කළ නොහැකිය. මත්ද්‍රව්‍ය ජාවාරම, සයිබර් අපරාධ, ත්‍රස්තවාදය, මුදල් විශුද්ධිකරණය සහ ළමා අපචාර වැනි අපරාධවලට බොහෝ විට රටවල් කිහිපයක් සම්බන්ධ වේ. ජාතික පොලිස් බලකායන්ට නීත්‍යානුකූලව සහ කාර්යක්ෂමව සහයෝගයෙන් කටයුතු කිරීමට ජාත්‍යන්තර පොලිසිය පහසුකම් සපයන අතර, එමගින් යුක්තිය දේශසීමාවෙන් නොනැවතී ඉදිරියට ගෙන යාමට සහතික වේ.
ශ්‍රී ලංකාවට මෙම ජාලයේ කොටස්කරුවෙකු වීම අත්‍යවශ්‍ය වේ. එය අපගේ පොලිසියට විදේශයන්හි පලායන්නන් සොයා ගැනීමට, රටට ඇතුළු වන ජාත්‍යන්තර අපරාධකරුවන් පිළිබඳ ඇඟවීම් ලබා ගැනීමට සහ ගෝලීය තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු බෙදා ගැනීමට ඉඩ සලසයි. තවද, එය කලාපීය සහ ගෝලීය ආරක්ෂක ප්‍රයත්නවල ශක්තිමත් කාර්යභාරයක් ශ්‍රී ලංකාවට ලබා දෙයි.
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික පලායන්නන් මෑතකදී අත්අඩංගුවට ගැනීම්වලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම බලය හෝ දේශපාලනය තුළින් නොව, හවුල්කාරිත්වය සහ වෘත්තීයභාවය තුළින් පරිණාමය වෙමින් පවතින බවයි. ලෝකය තවමත් හොඳ ක්‍රියාදාම චිත්‍රපටයකට ප්‍රිය කරන අතර, සැබෑ වීරයන් වන්නේ තවමත් නිහඬව තිරය පිටුපස කටයුතු කරන, මහාද්වීප හරහා තොරතුරු හුවමාරු කරගනිමින් යුක්තියට සැබවින්ම දේශසීමා නොමැති බව තහවුරු කරන නිලධාරීන්ය.
එසේ හෙයින් ජාත්‍යන්තර පොලිසිය යනු අද්භූත ගෝලීය පොලිස් බලකායක් නොවේ. ශ්‍රී ලංකා නිලධාරීන් විදේශයන්හි චිත්‍රපටවල පෙන්වන ආකාරයට මෙහෙයුම් සිදු කරන්නේ ද නැත. ජාත්‍යන්තර පොලිසිය යනු සහයෝගීතාවයේ පාලමකි. විශ්වාසය, සන්නිවේදනය සහ ජාතික නීතිවලට ගරු කිරීම මත ගොඩනැගුණු පද්ධතියකි. ඒ හරහා, ලොව පුරා සිටින පොලිස් බලකායන්ට තොරතුරු බෙදා ගැනීමට, පලායන්නන් සොයා ගැනීමට සහ අපරාධකරුවන් කොතැනක සැඟවීමට උත්සාහ කළත් ඔවුන්ව නීතිය ඉදිරියට ගෙන ඒමට හැකිය.
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික පලායන්නන් මෑතකදී අත්අඩංගුවට ගැනීම්වලින් පෙන්නුම් කරන්නේ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක කිරීම බලය හෝ දේශපාලනය තුළින් නොව, හවුල්කාරිත්වය සහ වෘත්තීයභාවය තුළින් පරිණාමය වෙමින් පවතින බවයි. ලෝකය තවමත් හොඳ ක්‍රියාදාම චිත්‍රපටයකට ප්‍රිය කරන අතර, සැබෑ වීරයන් වන්නේ තවමත් නිහඬව තිරය පිටුපස කටයුතු කරන, මහාද්වීප හරහා තොරතුරු හුවමාරු කරගනිමින් යුක්තියට සැබවින්ම දේශසීමා නොමැති බව තහවුරු කරන නිලධාරීන්ය.
නිරංජන් චාමින්ද කරුණාතිලක