අද(29) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කරන බව කලින් ප්‍රකාශ කළ පැය 48 වැඩ වර්ජන ක්‍රියාමාර්ගය නියමිත පරිදි ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය පවසයි.එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ සාකච්ඡා මාර්ගයෙන් විසඳගැනීමට තිබූ තම වෘත්තීය ගැටළු වලට බලධාරින් නිසි ප්‍රතිචාරයක් දක්වා නොමැති වීම මත මෙය පියවර ගන්නා අතර ඉන් දුම්රිය මඟී න්ට සිදුවන බරපතල අපහසුතා සම්බන්ධයෙන් තම සංගමය දැඩි සේ කණගාටු වන බවය.