පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (07) උදෑසන 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මඟින් බෙදාහරින මාර්ගයන්හී අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්. පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට අදාළ කාලසීමාවේ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට අමතරව කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.