
ඉකුත් නොවැම්බර් 05 දින පස්වරුවේ හලාවත-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දැදුරු ඔයේ පාලම අද්දරින් දිය නෑමට ඔයට බැස සිටිය දී තරුණයන් පස් දෙනකු දියේ ගිලී මිය යාමේ ඛේදනීය සිදුවීමක් වාර්තා වී තිබේ. කිරිබත්ගොඩ, මාකොල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි දස දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත. අදාළ තරුණ පිරිස දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් ඔවුන් බේරාගැනීමට දැඩි උත්සාහයක නිරත වූවත්, එම අවස්ථාවේදීම ඔවුන්ට සොයා ගැනීමට හැකිව තිබුණේ එක් තරුණයකු පමණි. කඩිනමින් හලාවත මහ රෝහලට ගෙන ගිය ද ඔහු ද මියගොස් ඇති බව එදින රාත්‍රියේ වාර්තා වී තිබිණි. දියේ ගිලී අතුරුදන්ව සිටි අනෙක් තරුණයන් සිව්දෙනාගේ මළ සිරුරු එදින පස්වරුවේ හලාවත පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන්, නාවික හමුදාව, ප්‍රදේශවාසීන් හා එක්ව සිදු කළ මෙහෙයුමකින් සොයාගෙන ඇත. මිය ගිය පිරිසෙන් දෙදෙනකු වයස අවුරුදු 12 සහ 16 යන වයස් පරාසයන්හි පසු වූවන් බව ද පැවසෙයි.
අප ජන සමාජයේ “අප්පට…” යනුවෙන් හැඳින්වෙන ජන වහර සේම බොහෝ දෙනකු දන්නා අව වහරක් ද තිබේ. ඒ අතුරින් කෙසේ වත් සිදු නොවිය යුතු දෙයක් සිදුවී ඇති විටෙක බොහෝ දෙනකුගේ මුවට එන “අප්පට පුතේ” යන්න බොහෝ දෙනකුට ඉතා හොඳින් හුරු පුරුදු ය. එමෙන්ම ඊට මුල් වන ජනප්‍රවාදයක් ද තිබේ. එය දැදුරු ඔය හා සම්බන්ධ වූවකි.
අද මෙන් මාර්ග පහසුව හා යාන වාහන නොතිබූ අතීතයේ මගී සේම භාණ්ඩ ප්‍රවාහනය සිදු වූයේ ගොනුන් බැඳි කරත්ත වලිනි. එනිසාම ඒ වෙනුවෙන් කැප වූ ගැල් කරුවෝ සිය ගණනක් එකල වූහ. ඉන් එක් පළපුරුදු ගැල් කරුවකු බඩු බාහිරාදිය පිරවූ ගැලක් ද රැගෙන රාජ වන්නියේ සිට කුමාර වන්නිය බලා ගමන් ආරම්භ කරන ලද්දේ ළමා වියේ පසුවන තම පුතු ද සමඟිනි. අද මෙන් අධ්‍යාපනය දියුණුව නොපැවැති ඒ යුගයේ බොහෝ ජීවන වෘත්තීන් ප්‍රවේණිගතව පැවතුණු අතර, මෙම ගැල් කරුවා ද සිය පුතුට තම ගැල් රැකියාව පුරුදු පුහුණු කිරීම පිණිස එලෙස ඒ ගමන කැඳවා ගෙන එන්නට ඇත. එවක මෙලෙස දිගු ගමන් යන ගැල් කරුවන්ගේ ප්‍රියතම රාත්‍රී නවාතැන් පලක් වූයේ දැදුරු ඔය නිම්නයයි. සැන්දෑ අඳුරත් සමඟ එහි කරත්ත නතර කරන ගැල් කරුවන් ගැල මුදා හැර උයා පිහා ගෙන කා එහි තුරු සෙවණ යට රාත්‍රී ගිමන් හැර පසු දා අළුයම සිය ගැල් බැඳ එම ගමන යළි ඇරඹීම සාමාන්‍ය දෙයක් විය. එහි දී එම ගැල් කරු ද නදියට තරමක් සමීපව ගැල ලිහා ගොනුන් ද ඒ අද්දර ගවයන් බැඳ තැබීම හෙවත් දිගෙලි කොට ඇත්තේ වෙනදා සිදු කරන ලෙසිනි.

“අප්පච්චි ඔතන ඔයට කිට්ටු වැඩි නැද්ද?” ඒ අතරේ ගැල් රැකියාව පිළිබඳ කිසිත් නොදත් ගැල් කරුගේ පුතු අසා ඇත්තේ ඒ සම්බන්ධ තම දැනුම තහවුරු කර ගැනීමට විය යුතු ය. එහෙත්, තම පුතුගේ ඒ පැනය ගැල් කරුගේ කෝපයට හේතු වී තිබේ. “පුතේ, උඹ දන්නවද මේ රස්සාව අපේ පරම්පරාවෙන් ආපු උරුමයක් බව. උඹ දැන ගනින් අපේ පරම්පරාවේ හැමෝම ගැල ලිහිලා තියෙන්නේ මේ හරියෙම කියන එක” එලෙස සිය පුතුට පුංචි තරවට්ටුවක් ද කළ ගැල් කරු ඔහු හා එක්ව තමන් ගෙනා උපකරණ වලින් රෑ බත උයා කා එහි උස් බිමක වූ තුරු සෙවණක රාත්‍රියේ නිදා ගෙන තිබේ.
පසු දා අලුයම නින්දෙන් පිබිදී තමන් ගැල් ලිහා දැමූ ඉසව්ව පිරික්සීමේ දී ඔවුනට දැක ගැනීමට සිදුව ඇත්තේ එහි ගැල හෝ හරක් බාන නොමැති බව ය. පෙර දින රාත්‍රියේ දැදුරු ඔය ඔස්සේ පැමිණි මහා සැඩ පහරකින් එසේ ලිහා දැමූ ගැල සහ හරකුන් ගසා ගෙන ගොස් ඇති බව එහි දී ඔවුන් දෙදෙනාටම වැටහිණ. “ඕක තමයි පුතෝ මං උඹට කලින්ම කිව්වේ” එය වටහා ගත් සැනින් ගැල් කරුගේ පුතු ගැල් කරු අමතා කී එම කතාව පසුව “අප්පට පුතේ” කීම ලෙස සමාජ ගත වූ බව ජනප්‍රවාදයේ එයි. ඒ අනුව අද ද අප සමාජයේ බොහෝ දෙනෙක් සිදු නොවිය යුතු දෙයක් සිදුවීම මුල් කොට “අප්පට පුතේ” කියති.
එහෙත්, පසු දා අලුයම නින්දෙන් පිබිදී තමන් ගැල් ලිහා දැමූ ඉසව්ව පිරික්සීමේ දී ඔවුනට දැක ගැනීමට සිදුව ඇත්තේ එහි ගැල හෝ හරක් බාන නොමැති බව ය. පෙර දින රාත්‍රියේ දැදුරු ඔය ඔස්සේ පැමිණි මහා සැඩ පහරකින් එසේ ලිහා දැමූ ගැල සහ හරකුන් ගසා ගෙන ගොස් ඇති බව එහි දී ඔවුන් දෙදෙනාටම වැටහිණ. “ඕක තමයි පුතෝ මං උඹට කලින්ම කිව්වේ” එය වටහා ගත් සැනින් ගැල් කරුගේ පුතු ගැල් කරු අමතා කී එම කතාව පසුව “අප්පට පුතේ” කීම ලෙස සමාජ ගත වූ බව ජනප්‍රවාදයේ එයි. ඒ අනුව අද ද අප සමාජයේ බොහෝ දෙනෙක් සිදු නොවිය යුතු දෙයක් සිදුවීම මුල් කොට “අප්පට පුතේ” කියති.

අතීතයේ සිට හදිසියේ ජල මට්ටම වෙනස්වීම සම්බන්ධයෙන් මෙවන් අවිනිශ්චිත බවක් පළ කළ දැදුරු ඔය ආරම්භ වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගොම්මුත්තාව සහ මොරන්කන්ද යන කඳු පන්ති වලිනි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වල මුහුදු මට්ටමේ සිට අඩි 300ක් (මීටර් 90ක් පමණ) පමණ උසකින් පිහිටි එම කඳු වලින් කුඩා දිය පහරවල් දෙකක් ලෙස ආරම්භ වී, පසුව තවත් අවට කඳු ගැට වලින් ඇරඹෙන තවත් ජල මූලාශ්‍ර එකතු වීමෙන් එක් ප්‍රධාන දිය පහරක් බවට පත් වන එය දැදුරු ඔය ලෙසින් කිලෝමීටර් 142ක් (සැතපුම් 88ක්) පමණ දුරක් ගලා බසී. ඒ අනුව දිගින් ශ්‍රී ලංකාවේ හය වන ස්ථානය හිමිවන දැදුරු ඔය අතීතයේ ජජ්ජර නදිය ලෙස හඳුන්වන ලද බව මහාවංශය, පාලි රසවාහිනී ආදී ග්‍රන්ථ වල සඳහන් වේ. පුරාණ කඩඉම් විස්තර වලට අනුව පිහිටි රටේ මායිමක් වන දැදුරු ඔය මුල් කොට මහා පරාක්‍රමබාහු රජු සිදු කළ වාරි කර්මාන්ත පිළිබඳව ද ඉතිහාසයේ සඳහන් වේ. මහා වංශයේ බදලත්ථලී නමින් හැඳින්වෙන බතලගොඩ ජලාශය පෝෂණය වන්නේ ද දැදුරු ඔය මඟිනි.
අගනුවර සිට කුරුණෑගල හරහා අනුරාධපුර තෙක් වැටී ගත් මාර්ග අංක 57 දරන බස් මාර්ගය වඩාත් ප්‍රකට “ඇල්ල පාර” යනුවෙනි. ඒ දැදුරු ඔය හා සම්බන්ධ රිදී බැඳි ඇල්ල ඒ මාර්ගය අද්දර පිහිටා ඇති බැවිනි. නමුත් රිදී බැඳි ඇල්ල ස්වභාවික දිය ඇල්ලක් නොවේ. දැදුරු ඔය හරස් කර පැරණි රජ දවස ඉදි කරන ලද විශාල අමුණක් සහ එමගින් ආරම්භ වන ඇළ මාර්ගයකි. ශ්‍රී ලංකාවේ පැරණි වාරි ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ටතම නිර්මාණයක් වන මෙය මහසෙන් රජු (ක්‍රි.ව. 276-303) විසින් කරවන ලද බවට මත පවතී. පසුව අප රටේ කෘෂිකාර්මික සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදු කළ මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) යුවරජ සමයේ දැදුරු ඔය හරහා ඉදිකළ “සූකර නිජ්ජ අමුණ” මඟින් නිකවැරටියේ මාගල්ල වැවට ජලය හැරවූ බවත්, පසුකාලීනව එය රිදී බැඳි ඇල්ල ලෙස ප්‍රකට වූ බවත් වංශ කතා වල සඳහන් වේ.

නමුත් මෙම වාරි කර්මාන්තයට “රිදී බැඳි” යන නම එක්වීම සම්බන්ධයෙන් ප්‍රධාන මත දෙකක් තිබේ. මෙම වාරි කර්මාන්තයේ සේවය කළ කම්කරුවන්ට රිදී කාසි වලින් වැටුප් ගෙවූ නිසා මෙය රිදී බැඳි ඇළ ලෙස නම් කළ බව ඉන් පළමු මතයයි. නමුත් ඒ සම්බන්ධ දෙවන මතය වනුයේ මහා පරාක්‍රම බාහු රජු යුව රජ සමයේ මෙම ප්‍රදේශය පරීක්ෂා කිරීමට යන අතරේ එවක දිය සිඳී තිබූ දැදුරු ඔය හරස් කොට තැනූ කුඩා අමුණක ලෙසින් ඉදිව තිබූ ගල් බැම්මක් සමීපයේ රෙදි සෝදමින් සිටි රිද්දි නම් අතිශය සුරූපී රජක තරුණියකගේ ඉල්ලීම මත එවක තරුණ වියේ පසු වූ මහා පරාක්‍රම බාහු යුව රජු මෙම අමුණ ඉදි කළ බවකි. ඒ අනුව එය පළමුව “රිද්දි බැඳි ඇල්ල” සේ භාවිතා වී පසුව රිදී බැඳි ඇල්ල නමින් ප්‍රකට වූ බව දෙවන ජන ප්‍රවාදයේ සඳහන් ය. වත්මන් සමාජයේ රෙදි සේදීමේ යෙදෙන රජක ස්ත්‍රීන් “රෙදි නැන්දා” ලෙස හැඳින්වීම සහ අප ජන සමාජයේ “රිද්දි” නමින් හඳුන්වන රජ බිසවක අතර ඇති සබඳතා බොහොමයක් අනාවරණය වන බැවින් පසු කලෙක එම තරුණිය ද බිසවක ලෙසින් පරාක්‍රමබාහු රජුගේ අන්තංපුරයට එක් කර ගත් වත්මන් ව්‍යවහාරයට අනුව “ගොසිප්” ගණයට අයත් එම ජන ප්‍රවාදය ද මුළුමනින්ම ඉවත හෙළිය නොහැක.
වාරිමාර්ග කටයුතු සඳහා ජලාශයේ සිට දකුණු ඇළ, වම් ඇළ සහ මධ්‍යම ඇළ යන ඇළ මාර්ග තුනක් ඔස්සේ ජලය ගෙන යන අතර, දකුණු ඇළ මගින් ජලාශයේ ජලය පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශය වෙතට ද ගෙන යාම විශේෂත්වයකි. ප්‍රථම වතාවට දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඉදි කළ දැවැන්ත නිර්මාණයක් ලෙස නම් කළ හැකි මෙම ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර සිට මේ දක්වාම නැවත නැවතත් සජ්ඣායනා කරන “හැත්තෑ හය වසරක ශාපය” තුළ සිදු වූ කාරියක් බව ද සිහිපත් කළ යුත්තේ මේ වන විටත් වත්මන් රජය අත නොපොවා ඇති එවන් යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් මොනවාද? යන්න විමසුම් කරන අතරේ ය.
නමුත් මෙවන් තත්වයක් යටතේ වුව “අප්පට පුතේ” කීමේ නිමිත්ත ඉවත් නොකළ දැදුරු ඔය එම තත්වයෙන් මුදාලන සුවිසල් කාර්ය භාරයක් ද සිදු වී තිබේ. ඒ දැදුරු ඔය හරස් කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනුවන්ගැටේ ගම ආශ්‍රිතව ඉදි කරන ලද දැදුරු ඔය ජලාශය නිසා ය. මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඉදිකරන මෙය 2014 වසරේදී ජනතා අයිතියට පත් කොට තිබේ. ආසන්න වශයෙන් කිලෝ මීටර් දෙක හමාරකට ආසන්න එනම් මීටර් 2,400 ක දිගින් යුත් වේල්ලක් සහිත මින් කුඹුරු අක්කර 27,000 කට පමණ දියවර සැපයෙන අතර මෙගාවොට් 1.5 ක ජල විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරේ. එමෙන්ම ඒ හා අවට ප්‍රදේශ රැසක පානීය ජල අවශ්‍යතා සපුරාලීම ද අරමුණු කර ගත් දැදුරු ඔය ජලාශයේ සම්පූර්ණ ධාරිතාව ඝන මීටර් 75,000,000 කි.
වාරිමාර්ග කටයුතු සඳහා ජලාශයේ සිට දකුණු ඇළ, වම් ඇළ සහ මධ්‍යම ඇළ යන ඇළ මාර්ග තුනක් ඔස්සේ ජලය ගෙන යන අතර, දකුණු ඇළ මගින් ජලාශයේ ජලය පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශය වෙතට ද ගෙන යාම විශේෂත්වයකි. ප්‍රථම වතාවට දේශීය ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන් සම්පූර්ණයෙන්ම ඉදි කළ දැවැන්ත නිර්මාණයක් ලෙස නම් කළ හැකි මෙම ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට පෙර සිට මේ දක්වාම නැවත නැවතත් සජ්ඣායනා කරන “හැත්තෑ හය වසරක ශාපය” තුළ සිදු වූ කාරියක් බව ද සිහිපත් කළ යුත්තේ මේ වන විටත් වත්මන් රජය අත නොපොවා ඇති එවන් යෝධ සංවර්ධන ව්‍යාපෘතීන් මොනවාද? යන්න විමසුම් කරන අතරේ ය.

නමුත් මේ වන විට දැදුරු ඔයේ ජල ධාරිතාව දැදුරු ඔය ජලාශය මඟින් රඳවා ගෙන තබා ගෙන ඒවා විධිමත් ලෙස මුදා හැරෙන බැවින් මින් මතු අතීතයේ සිට දැදුරු ඔය සම්බන්ධයෙන් අසන්නට ලැබුණු “අප්පට පුතේ” කතා අතීතයට සීමා වී ඇති බවක් පෙනේ. එහෙත්, ඝන මීටර් 75,000,000 ක ජල රඳවනයක් වන දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළං වූ විට එහි වාන් දොරටු විවෘත කිරීම අනිවාර්යෙන් කළ යුතු වෙයි. විශේෂයෙන් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල වැසි සහිත කාලගුණය පවතින විට දැදුරුඔය ද්‍රෝණියේ ඇතිවන අධික වර්ෂාව මුල් කොට ජලාශයේ ජල මට්ටම පාලනය කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. ඒ සඳහා සකසා ඇති දැදුරු ඔය ජලාශයේ සම්පූර්ණ වාන් දොරටු ගණන අටකි. ජල මට්ටම අනුව ඉන් දෙකක්, හතරක් හෝ හයක් පියවරෙන් පියවර විවෘත කරනු ලැබේ. අධික ගංවතුර අවදානම් අවස්ථාවලදී දොරටු විවෘත කළ අවස්ථා ද වාර්තා වී ඇත.
නමුත් එලෙස වාන් දොරටු විවෘත කිරීම ඒ සම්බන්ධ අනතුරු සංඥා නිකුත් කිරීමෙන් පසුව සිදු කෙරේ. ඒ දැදුරු ඔය පහළ ද්‍රෝණියේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට ගංවතුර අවදානමකට මුහුණ දීමට සිදු වන බැවිනි. ඒ පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් අනතුරු අඟවනු ලැබේ. යම් හෙයකින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට පෙර එම ක්‍රියාවලිය සිදු නොවුව හොත් ඉහත සඳහන් දැදුරු ඔය හා සම්බන්ධ මේ වන විට මැකී ගොස් ඇති “අප්පට පුතේ” කීමේ කතාව එකට හතක් වී නව පිරුළක් සැකසෙනු ඇත. නමුත් එබඳු පුවතක් සිහිනයකින් හෝ අසන්නට දකින්නට නොලැබේවා ! ය යන්න අප ගේ පැතුම ය. නමුත් ඉහත සඳහන් ජීවිත පහ දැදුරු ඔයේ ජල රකුසාට බිළිවීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුත්තේ “අප්පට පුතේ” ජන වහර මැකී ගිය ද දැදුරු ඔයේ ජල රකුසා නම් තවමත් ඉන් ඉවත් වී නොමැති බවකි.
තිලක් සේනාසිංහ