ශ්‍රී ලංකාවේ සිලෝන් තේ (Ceylon Tea) සතු ගෝලීය කීර්තිය තවත් උසස් තැනකට රැගෙන යමින්, නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea – FFExSp) වර්ගය ලොව මෙතෙක් අලෙවි වූ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා පොතට (Guinness World Records) එක්වීම ශ්‍රී ලංකාවට අතිශය සුවිශේෂී මොහොතක් විය.
නිව් විතානකන්ද සිලෝන් කළු තේ (FFExSp) සඳහා ගිනස් ලෝක වාර්තාව තබමින් ලැබුණු වාර්තාගත මිල කිලෝග්රෑමයකට ජපන් යෙන් 125,000 කි. මෙය ආසන්න වශයෙන් කිලෝග්රෑමයකට එක්සත් ජනපද ඩොලර් 860ක් (USD 860) පමණ වේ. එමෙන්ම, එය ආසන්න වශයෙන් කිලෝග්රෑමයකට ශ්‍රී ලංකා රුපියල් 252,500 ත් 255,000 ත් අතර අගයක් ගනී.
මෙම වාර්තාගත මිල ගණන් ලබාගෙන ඇත්තේ ජපානයේ ඔසාකා හිදී පැවති Ceylon Special Estate Tea charity auction නම් වෙන්දේසියකදී වන අතර, එය මිලදී ගනු ලැබුවේ ප්‍රංශයේ ජනප්‍රිය තේ සන්නාමයක් වන Janat Paris ජාත්‍යන්තර සමාගම විසිනි. මෙම මුදල් ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවනු ලබයි.

මෙම වාර්තාගත මිල ගණන් ලබාගෙන ඇත්තේ ජපානයේ ඔසාකා හිදී පැවති Ceylon Special Estate Tea charity auction නම් වෙන්දේසියකදී වන අතර, එය මිලදී ගනු ලැබුවේ ප්‍රංශයේ ජනප්‍රිය තේ සන්නාමයක් වන Janat Paris ජාත්‍යන්තර සමාගම විසිනි. මෙම මුදල් ශ්‍රී ලංකාවේ තේ වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවනු ලබයි.
නිව් විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ගුණසේකර පැවසූ පරිදි, මෙය නිව් විතානකන්දට පමණක් නොව, සිලෝන් තේවල අසමසම ගුණාත්මකභාවය, උරුමය සහ ශිල්පීය හැකියාව පිළිබඳ ගෝලීය අවධානය යොමු කළ ජයග්‍රහණයක් ද වෙයි. එමෙන්ම, මෙය ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දෙන අතරම, දේශීය විශිෂ්ටත්වය, ලෝක මට්ටමේ පිළිගැනීමක් බවට පරිවර්තනය කළ හැකිය යන්න ද ඔහු අවධාරණය කළේය.
මෙම කීර්තිමත් තේ කර්මාන්ත ශාලාවට වාර්තා තැබීමේ දිගු ඉතිහාසයක් ඇත. 2023 දී ද නිව් විතානකන්ද විසින් ප්රමුඛ පෙළේ ජපන් තේ වෙළෙඳසැලක් වන TEAPOND සමඟ එක්ව කොළඹ තේ වෙන්දේසියේදී එහි OP1 ශ්‍රේණියේ තේ සඳහා වාර්තාගත මිලක් තීරණය කළේය. දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙන්දේසි වලදී ද ඉහළම මිල ගණන් ලබා ගැනීමට නිව් විතානකන්ද නිරන්තරයෙන් සමත් වී ඇති අතර, එය ප්‍රිමියම් තේ නිෂ්පාදනයේ ප්‍රමුඛයකු ලෙස එහි කීර්තිය තහවුරු කරයි.


මේ අතිශය වැදගත් ජයග්‍රහණයේ පුවත රටපුරා පැතිර ගිය අවස්ථාවේදී, අප රටේ අමාත්‍යවරයකු වූ සුනිල් හඳුන්නෙත්ති මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ ශ්‍රී ලංකා තේ මිල නොබෙල් ත්‍යාගයක් (Nobel Prize) දිනාගෙන ඇති බවය. මෙම ප්‍රකාශය බොහෝ දෙනකුගේ සිනහවට ලක් විය. ඊට හේතුව එවැනි වාණිජමය ජයග්‍රහණයකට කිසිසේත්ම නොබෙල් ත්‍යාගය හිමි නොවන බව පාසල් දරුවකු පවා දන්නා දෙයක් වන බැවිනි. පසුව අමාත්‍යවරයා වෙනත් අවස්ථාවකදී සඳහන් කළේ නොබෙල් සම්මානයක් ලෙස සඳහන් කළේ වැරදීමකින් බවය.
මෙම සිදුවීම, ගිනස් ලෝක වාර්තා සහ නොබෙල් ත්‍යාගය යනු ක්ෂේත්‍ර දෙකක සම්පූර්ණයෙන්ම වෙනස් සම්මාන දෙකක් බවට වූ මූලික දැනුම පවා ඇතැම් දේශපාලඥයන් සතු නොවන බවට කදිම නිදසුනක් විය. ඇතැම්විට මේ සම්බන්ධව වැරදි අදහස් ඇති අය තවත් සිටිය හැකිය නිසා ගිනස් වාර්තා සහ නොබෙල් සම්මාන පිළිබඳ යම් දැනුවත්වීමක අවශ්‍යතාවක් පවතින බව ද පෙනෙන්නට තිබේ.
ගිනස් ලෝක වාර්තා යනු ලෝකයේ වාර්තාගත කර ඇති මිනිස් ජයග්‍රහණ සහ ස්වාභාවික ලෝකයේ විවිධ විශේෂතාවන් ලැයිස්තුගත කරන වාර්ෂික වාර්තාවන්ගෙන් සමන්විත ග්රන්ථයකි. මෙහි අරමුණ වන්නේ විශිෂ්ටතම, විශාලතම, වේගවත්ම, මිල අධිකම හෝ වෙනත් ඕනෑම අංශයකින් ලෝක වාර්තා තහවුරු කිරීම සහ ලේඛනගත කිරීමය. මෙයට අතිශය පුළුල් ක්ෂේත්‍ර ගණනාවකට අයත් වේ. උදාහරණ ලෙස වාණිජමය සාර්ථකත්වය (මිල අධිකම තේ වැනි), ක්‍රීඩා, විද්‍යාව, කලා, මානව වික්‍රම, සත්ත්ව ලෝකයේ වාර්තා ආදියය. බොහෝ විට එකම ආකාරයේ විශිෂ්ටතම (Supremacy) හෝ අද්විතීයම (Uniqueness) ක්‍රියාවන් හෝ නිෂ්පාදන මත පදනම් වේ.
මේ ත්‍යාගයේ ස්වභාවය වන්නේ බුද්ධිමය සොයාගැනීම්, සාහිත්‍යමය විශිෂ්ටත්වය සහ ලෝක සාමය සඳහා වන ප්රයත්නයන් වැනි ක්ෂේත්රවල සංකල්පීය හා මානව හිතවාදී දායකත්වය අගය කිරීමය.මෙම සම්මාන ද්විත්වය අතර වෙනස කුඩා දරුවකු වුවද දන්නා මූලික කරුණක් වන අතර, එකක් වාණිජ හා වික්‍රමාන්විත ජයග්‍රහණ ඇගයීමක් වන අතර අනෙක මානව වර්ගයාගේ යහපත උදෙසා වූ ගැඹුරු බුද්ධිමය දායකත්වයන් අගය කිරීමකි.

නොබෙල් ත්‍යාගය (Nobel Prize)යනු මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි. නොබෙල් ත්‍යාගය යනු 1895 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් (Alfred Nobel) විසින් ආරම්භ කරන ලද, මානව වර්ගයාට ඉහළම ප්‍රතිලාභයක් ගෙන දුන් පුද්ගලයන්ට සහ සංවිධානවලට ප්රදානය කරන ජාත්‍යන්තර සම්මානයකි. මෙහි අරමුණ වන්නේ මිනිස් වර්ගයාගේ ප්‍රගතියට සහ යහපතට දායක වූ විශිෂ්ට බුද්ධිමය, විද්‍යාත්මක හෝ මානුෂීය දායකත්වයන් ඇගයීමය. මෙය ක්ෂේත්‍ර හයක් ඔස්සේ පිරිනමනු ලබයි. ඒවා නම්, භෞතික විද්‍යාව (Physics), රසායන විද්‍යාව (Chemistry), වෛද්‍ය විද්‍යාව (Physiology or Medicine), සාහිත්‍යය (Literature), සාමය (Peace), ආර්ථික විද්‍යාව (පසුව ආරම්භ කරන ලද සම්මානයකි)
මේ ත්‍යාගයේ ස්වභාවය වන්නේ බුද්ධිමය සොයාගැනීම්, සාහිත්‍යමය විශිෂ්ටත්වය සහ ලෝක සාමය සඳහා වන ප්රයත්නයන් වැනි ක්ෂේත්රවල සංකල්පීය හා මානව හිතවාදී දායකත්වය අගය කිරීමය.
මෙම සම්මාන ද්විත්වය අතර වෙනස කුඩා දරුවකු වුවද දන්නා මූලික කරුණක් වන අතර, එකක් වාණිජ හා වික්‍රමාන්විත ජයග්‍රහණ ඇගයීමක් වන අතර අනෙක මානව වර්ගයාගේ යහපත උදෙසා වූ ගැඹුරු බුද්ධිමය දායකත්වයන් අගය කිරීමකි.

ශ්‍රී ලංකාවේ සිලෝන් තේ විසින් ලොව මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තාව තැබීම අප රටේ තේ කර්මාන්තයේ විශිෂ්ට ගුණාත්මකභාවය සහ ලෝක වෙළෙඳපොළ තුළ එහි වටිනාකම තහවුරු කළේය. මෙය නිව් විතානකන්ද පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම ආඩම්බර විය යුතු ජයග්‍රහණයකි.
නිරංජන් චාමින්ද කරුණාතිලක