අභ්‍යවකාශයේ සිට ආ අපූරු ඉන්දියානුවා

ශුභාංශු ෂුක්ලා යනු මේ දිනවල ඉන්දියානුවන්ගේ වීරයෙකු බවට පත්ව සිටින්නෙකි. එයට හේතු වූයේ මෙයට ටික දිනකට පෙර ඔහු ගිය අභ්‍යවකාශ ගමනකි.

කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා ලෙස ඔහු ඉතිහාසගත විය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු ඇමරිකාවේ නාසා ආයතනය, රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය ඇතුළු ආයතන කිහිපයක් විසින් පවත්වාගෙන යනු ලබන විද්‍යාගාරයකි. ලෝකයේ විවිධ රටවල අජටාකාශගාමීහු අභ්‍යවකාශ යානාවල නැගී මෙම අභ්‍යවකාශ විද්‍යාගාරයට යමින් සති ගණන්, මාස ගණන් එහි රැඳී සිටිමින් අභ්‍යවකාශ ගවේෂණයට අදාළ පර්යේෂණවල නිරත වෙති.

39 හැවිරිදි ෂුක්ලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියේ පසුගිය ජුනි 26 වැනි දින යි. මෙම ගමනට ඔහු සමග තවත් අජටාකාශගාමීහු තිදෙනෙක් එක් වූහ. ඒ ඇමරිකානුවකු, හංගේරියානු ජාතිකයෙකු සහ පෝලන්ත ජාතිකයෙකි. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියේ ග්‍රේස් (Grace) නැමැති යානයකිනි.
මෙම ගමනට ඉන්දියානු මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු විය.

මෙම විද්‍යාගාරය පිහිටුවා මේ වනවිට වසර 25 කට වැඩි කාලයක් ගත වී ඇතත් මෙයට පෙර කිසිදු අවස්ථාවක ඉන්දියානු අජටාකාශගාමියකු එහි ගොස් තිබුණේ නැත. එම ඓතිහාසික ගමනෙහි නිරත වීමේ භාග්‍යය හිමි කරගත්තේ ශුභාංශු ෂුක්ලා ය. මේ තුළින් ඔහු ඉන්දියානුවන්ගේ ගෞරවයට, ආදරයට පත්‍ර වන්නට සමත්ව සිටියි.

39 හැවිරිදි ෂුක්ලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියේ පසුගිය ජුනි 26 වැනි දින යි. මෙම ගමනට ඔහු සමග තවත් අජටාකාශගාමීහු තිදෙනෙක් එක් වූහ. ඒ ඇමරිකානුවකු, හංගේරියානු ජාතිකයෙකු සහ පෝලන්ත ජාතිකයෙකි. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගියේ ග්‍රේස් (Grace) නැමැති යානයකිනි.
මෙම ගමනට ඉන්දියානු මාධ්‍ය තුළ විශාල අවධානයක් යොමු විය.

කෙසේ හෝ වේවා, ශුභාංශු ෂුක්ලා පසුගිය 15 වැනි දින මාධ්‍ය තුළ නැවතත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් විය. ඒ ඔහු දින 18 ක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගත කර නිරුපද්‍රිතව නැවත පෘථිවියට සේන්දු වීම හේතුවෙනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවියට ඒමට ඔවුන්ට පැය 23 කට ආසන්න කාලයක් ගත විය.

ෂුක්ලා ඇතුළු පිරිස රැගත් ග්‍රේස් යානය පතිත වූයේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආසන්නයේ පැසිෆික් සාගරයට ය.
ෂුක්ලා මෙම චාරිකාවට සහභාගි වුවත් මේ චාරිකාව දියත් කරන ලද්දේ ඉන්දියාව විසින් නොවන බව ද සඳහන් කළ යුතුය. එය ඇමරිකාවේ Axiom Space නැමැති පෞද්ගලික අභ්‍යවකාශ සමාගමක් විසින් දියත් කරන ලද්දකි.

ඒ අනුව ජුලි 15 වැනි දින ෂුක්ලා ඇතුළු කණ්ඩායම සේන්දු වූයේ ඇමරිකාවට ය. එසේ වුවත් බිලියන ගණනක් ඉන්දියානුවන් ඔහුට තම හදවත්වලින් උණුසුම් පිලිගැනීමක් ලබා දෙනු දැකගත හැකි විය. එය ඔවුන් තුළ විශාල සතුටක් සහ සාඩම්බරයක් ඇති කළ අවස්ථාවක් වූයේය. ඉන්දියාවේ පිහිටි ෂුක්ලා ගේ නිවස අසලට ඉන්දියානු ධජ රැගත් විශාල පිරිසක් රැස්ව සිටි බව ද මාධ්‍ය වාර්තා කළේය.

ෂුක්ලා සහ පිරිස ගමන් කළ Grace යානය පැරෂුට ආධාරයෙන් පැසිෆික් සාගරයට පතිත වීමෙන් පසු ඒ වෙත ළඟා වූ ෂැනන් නැමැති නෞකාව යානය එය මතට ගන්නා ලදී. අනතුරුව අජටාකාශගාමීන් පිටතට පැමිණිමෙන් පසු ඔවුන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට ලක් කරනු ලැබිණි. ඉන්පසු ඔවුන් ගොඩබිම වෙත ගෙන එන ලද්දේ හෙලිකොප්ටරයක් මගිනි.

කෙසේ නමුත් මෙම අජටාකාශගාමීන්ට නැවත ඔවුන්ගේ සුපුරුදු ජීවිතයට එළැඹෙන්නට ලැබෙන්නේ දින 7 කට පසුව යි. ඔවුන් එම කාලය තුළ පුනරුත්ථාපන වැඩසටහනකට යොමු කෙරෙන බැවිනි. ඒ ඔවුන් නැවත පෘථිවියේ තත්වයන්ට හැඩ ගැස්සවීම සඳහා යි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී ඔවුන් ජීවත් වන්නේ අඩු ගුරුත්වාකර්ෂණය වැනි විශේෂ තත්වයන් යටතේ බව රහසක් නොවේ.

ෂුක්ලා නැවත ඉන්දියාවට පැමිණීමට නියමිතව ඇත්තේ අගෝස්තු 17 වැනි දින බව සඳහන් වේ. එදින ඔහු වෙනුවෙන් නැවතත් විශාල පිලිගැනීමක් සංවිධානය කෙරෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය.

ෂුක්ලා ගේ අභ්‍යවකාශ චාරිකාව ඉන්දියාවට ඉතා වැදගත් වන්නකි. Axiom Space නැමැති ඇමරිකානු සමාගම දියත් කළ මේ චාරිකාවට ඉන්දියාව ෂුක්ලා සහභාගි කරවූයේ එම සමාගමට විශාල මුදලක් ගෙවීමෙනි. ඉ. රුපියල් බිලියන 5 කට ආසන්න මුදලක් ඉන්දියාව මේ වෙනුවෙන් ගෙවා තිබිණි. මේ ගමනින් ඉන්දියාවට ප්‍රයෝජන රැසක් අත් වෙයි.

ඉන්දියාව ලබන 2027 වසරේ ඔවුන්ගේම යානයකින් අජටාකාශගාමීන් තුන් දෙනෙකු අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙයි. ශුභාංශු ෂුක්ලා ද එම කණ්ඩායමට තෝරාගෙන සිටින්නෙකි. බොහෝ විට ඔහු එම කණ්ඩායමේ නායකයා වීමටත් ඉඩ තිබේ. Axiom 4 චාරිකාව තුළින් ඔහු ලබාගත් දැනුම සහ අත්දැකීම් මෙම ගමනේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. ඉන්දියාවේ මෙම අභ්‍යවකාශ චාරිකාව නම් කර ඇත්තේ ගගන්යාන් 4 නමිනි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි කාලය තුළ ෂුක්ලා නිකම් සිටියේ නැත. ඔහු ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වෙනුවෙන් විද්‍යාත්මක පර්යේෂණ කිහිපයකම නිරත වූයේය. මේවා ඉන්දියාවේ අනාගත අභ්‍යවකාශ ගවේෂණ කටයුතුවලට වැදගත් වන පර්යේෂණ ය.

මේ අතර ඉන්දියාව ලබන 2027 වසරේ ඔවුන්ගේම යානයකින් අජටාකාශගාමීන් තුන් දෙනෙකු අභ්‍යවකාශයට යැවීමට සූදානම් වෙයි. ශුභාංශු ෂුක්ලා ද එම කණ්ඩායමට තෝරාගෙන සිටින්නෙකි. බොහෝ විට ඔහු එම කණ්ඩායමේ නායකයා වීමටත් ඉඩ තිබේ. Axiom 4 චාරිකාව තුළින් ඔහු ලබාගත් දැනුම සහ අත්දැකීම් මෙම ගමනේ දී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. ඉන්දියාවේ මෙම අභ්‍යවකාශ චාරිකාව නම් කර ඇත්තේ ගගන්යාන් 4 නමිනි.

ෂුක්ලා නැවත පෘථිවියට සේන්දු වූ අවස්ථාවේ ඔහු මෙම චාරිකාවට සහය දැක් වූ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, Axiom Space, නාසා, SpaceX වැනි පාර්ශ්වවලට ස්තුතිය පළ කර තිබිණි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර