අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක් පීඩාවට

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් පූර්ණ හා අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා වන්දි ලබා දීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ අංශය) කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ නිවාස හානිවලට අමතරව ආපදා හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් යම් කිසි ආබාධිත තත්ත්වයකට පත්වුවහොත් ඔවුන්ටද වන්දි ලබා දීමට කටයුතු කරන බවයි.

කාලීන පුවත්